IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නම පැටලී අලි ජරමරයක

අනුන්ගේ පුතකුට උප්පැන්නයක් ලියන්න ගිය පියකු පිට වැටුණු අලි ජරමරයක් පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ ප්‍රසිද්ධ පාසලකින් අසන්නට ලැබේ.
කොල්ලා දඩබ්බරයෙකි. පාසලේ දී විනය විරෝධී වැඩ කිහිපයක්ම කළේය. ගුරුවරු ඊට ඔහුට අවවාද කළහ. එතැනින් ප්‍රශ්නය නතර විය. කොල්ලා මෙවර පාසලේදී කළේ  අසමජ්ජාති වැඩකි. එය ගුරුවරුන්ට අවවාදයක් දී වැඬේ ගොඩ දාගන්න පුළුවන් තරමේ එකක් නොවේ. ඒ නිසා කොල්ලාගේ මේ අසමජ්ජාති වැඩේ විදුහල්පතිගේ කනට ද ගියේය. වැරද්ද බරපතළ කම නිසාම විදුහල්පතිවරයා කොල්ලාට ඊළඟ දිනයේ පාසලට එද්දී පියා එක්ක ගෙන එන ලෙස කීවේය.
කොල්ලාට දවල් තරු පෙනුනේය. හීන් දාඩිය ද දැම්මේය.  කොල්ලාගේ තාත්තා යකෙකි. වැරදිවලට කොල්ලට දෙන්නේ පොල්ලෙනි. ඒ පස්ස රත් වෙන්නය. ඒ නිසාම කොල්ලා නිවසේදී වැරදි වැඩ නොකර ඉන්න වග බලා ගත්තේය. ඒවටත් එක්ක පාසලේදී වැඩ පෙන්නුවේය. කොල්ලට දැන් තියෙන එකම හා ලොකුම ප්‍රශ්නය පියා පාසලට රැගෙන යාමය. මෙය කන වැකුණ හොත් තමාට අනිවාර්යයෙන්ම පියාගෙන් පොලු‍ පාර වදින්නේ පස්සට නොව ඔළුවට බව කොල්ලාගේ සිතට ආවේය. කොල්ලා දැන් මෙය බේරා ගන්නේ කෙසේදැයි කල්පනා කර කරමින් සිටියේය.


 එදා උදේ කොල්ලා පියකු සමග පාසලට ගියේය. දෙන්නම දැන් විදුහල්පති කාමරය අභියසය. තමා කතා කරන තෙක් ඔවුන් දෙදෙනාට විදුහල්පති කාමරය ඉදිරිපිට ඇති පුටුවල වාඩිවී සිටින ලෙස විදුහල්පතිගෙන් පණිවිඩයක් ලැබුණේය.
විදුහල්පති සිය කාමරය ඉදිරිපිට වාඩිවී සිටින මේ පියපුතු දෙදෙනා පිළිබඳව සීසීටිවී කැමරා දර්ශන මගින් කාමරයේ සිටම නිරීක්ෂණය කළේය. ඔහු මේ දෙන්නා සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹුනේය. ඒ අනුව මේ පිය පුතුට තමා හමුවීමට එන ලෙස විදුහල්පතිවරයා දැනුම් දුන්නේය.
පියා ආවේ ඉදිරියෙනි. පුතා පසුපසිනි. පියාට පමණක් වාඩි වන ලෙස විදුහල්පතිවරයා අතින් සංඥා කළේය. පියා ගේ නම පුතාගෙන් ඇසුවේය. පුතා නම කීවේය. පියාගෙන් ද ඔහුගේ නම ඇසුවේය. පුතා කියූ නමම පියා කීවේ ගොත ගස ගසාය. විදුහල්පතිවරයා පියාගෙන් ජාතික හැඳුනුම්පත ටිකකට ඉල්ලු‍වේය. හැඳුනුම්පතේ නම තිබුණේ ඔහු කිවූ නමට හාත්පසින්ම වෙනස් එකකි. විදුහල්පතිවරයාට මළ පැන්නේය. කළ වංචාව පිළිබදව පොලීසියට දැනුම් දෙන බව මේ පිය පුතුට විදුහල්පතිවරයා කීවේ ඔවුන් බිය වද්දවා ඇත්ත තොරතුරු වැමෑරීමටය. 

 කරන්දෙණිය - එම්. සුසිල් පියන්ත



අදහස් (0)

නම පැටලී අලි ජරමරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site