IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දරුවා බසයේ තියා අම්මා බැස ගිහින්

හේවාහැට – එම්. දසනායක


පාසල නිමවා සිය බාල වයස්කාර දරුවා සමග බසයෙන් නිවස බලා ගමන් කරමින් සිටි මවකට නිවස ආසන්නයේදී බසයෙන් බැස යනවිට තම දරුවා අමතකව ගිය පුවතක් හේවාහැට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
මහනුවර නගරයේ සිට සවස් කාලයේ සිය ගමනාන්තය වෙත ළඟා වීම සඳහා අදාළ බස්රථය පිටත්ව ඇත. පාසල් නිමාවන වේලාව නිසාම මෙම බස් රථයේ දරුවන් විශාල පිරිසක් ගමන් කරමින් සිට ඇත.
සිද්ධියට මුහුණ දුන් දරුවා හා මව අතරමගදී බසයට ගොඩවී ඇතත් ඔවුන්ට අසුන් ගැනීමට ලැබී ඇත්තේ ආසන දෙකකය. බසයේ අසුන්ගත් වෙලේ සිට මව සිය ජංගම දුරකථනය වෙත අවධානයෙන් සිට ඇති අතර වෙනත් අසුනක සිටි දරුවාට සිය අසුන මතම හොඳින් නින්ද ගොස් ඇත.


බස් රථයේ අසුන මත හොඳින් නිදාගෙන සිටින දරුවා තම නිවස පසුකර කිලෝමීටර් භාගයක පමණ දුරක් පැමිණි පසුව දරුවා පිළිබඳව අවධානය යොමු කළ බස් රථයේ රියැදුරු හා සහායක දෙපල දරුවා ඇහැරවා බසින ස්ථානය පිළිබඳව විමසන විට දරුවා එක්වරම අවදිවී බස් රථය පුරා ඔබ මොබ ඇවිද සිය මව බසයේ ඇතිදැයි විපරම් කර ඇත.
පාසල නිමවීමෙන් පසුව තමා සමග බසයට ගොඩවූ මව බසය තුළ නොමැතිවීම නිසා බියට පත්වූ දරුවා පිළිබඳව අවධානය යොමු කළ බස් රථයේ සේවක මහතුන් දෙපල දරුවා ආරක්ෂිතව නැවතත් සිය මවට භාරදීමට අවශ්‍ය පියවර ගෙන ඇත.



අදහස් (0)

දරුවා බසයේ තියා අම්මා බැස ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site