පෝද්දල සරත් ආනන්ද ගමගේ
රෝහලේදී හඳුනාගත් නාඳුනන මිතුරියක නිවෙසට කැඳවාගෙන පැමිණි තැනැත්තියකට මත්වෙන සුළු පිටිකිරි වීදුරුවක් බොන්නට දී ඇගේ රුපියල් ලක්ෂ තුනකට ආසන්න කනකර ආභරණ ගලවාගෙන පලාගිය පුවතක් පිළිබඳ තොරතුරු දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තා වේ.
ඇයට මෙම කාන්තාව හමුවීයේ මාසික සායනයට සහභාගීවීමට කරාපිටිය රෝහලට ගොස් සිටියදීය.
ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව මෙම අලුත් මිතුරිය ඇය නිවෙසට ඇරලීමේ මුවාවෙන් ත්‍රිරෝද රථයක නංවාගෙන ඇගේ නිවෙසට පැමිණියාය.
නිවෙසට පැමිණෙමින් සිටියදී අතරමග වෙළෙඳ සලකින් කිරිපිටි පැකට්ටුවක් හා බිස්කට් පැකට්ටුවක් ද මිලදී ගෙන ඇත්තේ තෑග්ගක් ලෙසය.
එම අවස්ථාවේ නිවස හිමි කාන්තාවගේ වැඩිමල් සහෝදරයකු ද නිවසේ සිට ඇති අතර තිදෙනා දිවා භෝජනය ගෙන ඇත්තේ ද එකටය.
පසුව මෙම අලුත් මිතුරිය නිවෙසින් පිටව යන අවස්ථාවේ දී තේ බීමට කැමැති බව ප්‍රකාශ කිරීම නිසා ඇයට තේ සූදානම් කළේය. ඒ අවස්ථාවේ නිවෙසට පැමිණි මිතුරියම තේ පිළියෙළ කිරීමට බාර ගත්තාය. ඇය රැගෙන පැමිණි කිරිපිටි පැකට්ටුව කඩා සාදන ලද පිටිකිරි තිදෙනාම පානය කළහ.
එදින සවස් යාමයේ නිවෙස් හිමි කාන්තාවගේ ස්වාමි පුරුෂයා පැමිණි අවස්ථාවේ බිරිඳ හා ඇගේ සහෝදරයා නිදමින් සිටින්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය. ඇඟට පණ නැති නිසා හාන්සිවී සිටි බව ඇය පැවැසුවාය. කවදාවත් නැතිව සහෝදරයා ද නිදා සිටින්නේ ඇයිදැයි විපරම් කරද්දී ඔහු සිහිමුර්ඡා තත්වයේ සිට ඇත.
පසුව අසල්වැසියෝ ද පැමිණ සිද්ධිය පොලිසියට ද දන්වා නිවැසි කාන්තාව හා ඇගේ සහෝදරයා රෝහල් ගත කළහ.
ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු කළ අතර ඔවුන්ව සෝදිසි කරද්දී ඇගේ මාලය, කනකර හා මුදු දෙක ද අතුරුදන්ව ඇති බව දැනගන්නට ලැබිණි.
පොලිසිය පැමිණ විමර්ශන කිරීමේ දී කිසියම් මත්වෙන සුළු කුඩු වර්ගයක් පිටිකිරි වීදුරුවට මිශ්‍ර කර ඇතිබව අනාවරණයවී ඇත.
නිවෙස් හිමී කාන්තාව හා ඇගේ සහෝදරයා දින දෙකක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව සුවපත්වී නිවසට පැමිණ ඇති අතර බොහෝ සමාජශීලී කාන්තාවක වූ ඇය මේ දිනවල සමාජයෙන් මුහුණ සඟවාගෙන නිවෙසටම වී සිටින්නේ සිදුවූ දේ සම්බන්ධයෙන් කම්පා වෙමිනි.
2025 දෙසැම්බර් මස 04
621
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෑනු ගැටයකට අහුවී දවස් 2ක්ම ඉස්පිරිතාලේ