IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ගැබිනි වෙසින් සීට් ගන්න ගිහින් රෙදි ගැලවිලා

කුරුණෑගල ර.මු.වී.ර.බණ්ඩාර


කොළඹ සිට මහනුවර ගමනාන්තය දක්වා ධාවනය වෙමින් තිබු අතුරු සිදුරු නැතුව මගී ජනතාව පිරී සිටි ශ්‍රී ලංගම බස්රථයට අතරමඟදී අරුමෝසම් ඇඳුමකින් සැරසී සිටි කෙසඟ පෙනුමක් සහිත තරුණ කාන්තාවක් ගොඩවුණාය.
බස්රථයේ පිරී සිටි මගී ජනතාව අතරින් ”‍අපට වෙන්කළ සීට් එක දෙන්න”‍ යැයි ඇය ගැබිනියන් සඳහා වෙන්කළ අසුනේ මහනුවර ගමනාන්තය දක්වා ප්‍රවේශපත්‍රයක් මිලදී ගත් මගීයාට පැවසුවාය.
.”‍මම බබෙක් හම්බවෙන්න ඉන්නේ යැයි ඇය නැවතත් පැවසුවාය. ඇගේ වදන් කනවැකුන මගීන් එකිනෙකාගේ මුහුණු බලමින් කටකොනකින් සිනාසී ඔවුහු නිහඬ වූහ.
බස්රථය ඉදිරියට ධාවනය වෙමින් පවතී.”‍ අපේ සීට් එක අපට දෙන්නෙ නෑනේ මේක ඩ්‍රයිවර්ටවත් කියන්න ඕනෑ යැයි ඇය නැවතත් පැවසුවාය. මඟී ජනතාව නිහඬය. ඇයට කිසිවකු අසුනක් පරිත්‍යාග නොකළාය.


කාන්තාවක ගැබිනියක වීමෙන් පසු ඇගේ ශාරීරික අවයව බාහිර ලක්ෂණ මේ ගැබිනියක යැයි කියාගන්නා කාන්තාව සතු නොවීය.
බස් රථයක් තුළ හෝ වෙනත් කිසියම් ස්ථානයකදී ගැබිනි මාතාවන්ට සෑම සමාජයකම තරාතිරම නොබලා ඒ මොහොතේම පහසුකම් සපයති. බස්රථයේ අසුනක් ලබාගැනීමේ අරමුණෙන් තමන් ගැබිනියක් යැයි පවසමින් අපූරු රංගනයක යෙදුණු ”‍ඩෙනිම් කලිසමකින් සැරසී අරුමෝසම් විලාසිතාවකින් සැරසී සිටි මෙම කාන්තාව බස් රථයේ මඟී ජනතාවගේ සමච්චලයට බඳුන් වූවාය.
අතරමඟදී බස්රථයෙන් බැසගත් තමන් ගැබිනියක් යැයි කියාගන්නා කාන්තාව”‍ මට බබෙක් හම්බවෙන්න සිටියත් කවුරුත් සීට් එකක් දුන්නේ නෑ යැයි පවසමින් තමන්ගේ උදරය අතින් පිරිමදිමින් පැවසීය. බස්රථයේ සිටි මගී ජනතාව සිනාසී ඇය දෙසම බලාසිටියහ.

 



අදහස් (0)

ගැබිනි වෙසින් සීට් ගන්න ගිහින් රෙදි ගැලවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 183 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 372 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site