IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ගම කුලප්පු කරපු දුවගෙ බොරුවෙන් පවුලෙම සායම ගිහින්

පෝද්දල - සරත් ආනන්ද ගමගේ 


සිය නිවෙස ආසන්නයේ අතුරු මාර්ගයක තරුණයකු හා රැඳී සිටි යුවතියක අසල්වැසියකු පැමිණෙනු දැක බියට පත්ව කෑ ගැසීම නිසා මුළු ගමම කුලප්පු වූ පුවතක් පිළිබඳව දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තා වේ.
වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.
දිනය ඉරිදාවකි. ගුරුවරියක වන මව ඉරිදා පොළේ ගොසිනි. රෝගාතුරව සිටින පියා හා නැගණිය සමග නිවෙසේ සිටි මෙම යුවතිය සිය මිතුරියක් පැමිණෙන බව පවසා නිවෙසින් පිටව ඇත. 
ප්‍රධාන මාර්ගයෙන් හැරී යන අතුරු මාර්ගයක ගොස් තවත් කෙටි අතුරු මාර්ගයක පිහිටි නිවෙසක පදිංචිව සිටි මෙම තරුණිය මිතුරිය හමුවීමට ප්‍රධාන අතුරු මාර්ගයට පැමිණ ඇත. ගොම්මන් අඳුර පැතිරෙමින් තිබී ඇති මෙම අවස්ථාවේ ඇගේ අසල්වැසි වැඩිහිටියකුද යතුරුපැදියකින් පැමිණෙමින් සිට ඇති අතර තරුණිය අසල සිටි තරුණයකුද කලබලයෙන් යතුරුපැදිය පණ ගන්වාගෙන කඩිනමින් පිටව ගොස් ඇත. බියට පත්ව සිටින යුවතිය දුටු අසල්වැසියා යතුරුපැදිය නවතා “ඇයි දුවේ මොකද වුණේ?”‍ කියා විමසා ඇත.
එවිට ඇය “අනේ මාමෙ! අන්න අර බයික් එකෙන් ගිය කොල්ල මගේ අතින් ඇද්දා”‍ යැයි පවසා ඇත. ඇය බියට පත්ව සිටින ආකාරය දුටු ඔහු “අතින් විතරද ඇල්ලු‍වේ”‍ කියා විමසන විට ඈ “නෑ මාමෙ මෙහෙනුත් ඇල්ලු‍වා”‍ යැයි කියමින් පපු ප්‍රදේශයද පෙන්වා ඇත. 
තරුණියකගේ හිරිඔතප් බිඳීමට තැත්කළ සිද්ධිය ආරංචි වීමෙන් මේ වනවිට අසල්වැසියන්ද බොහෝ පිරිසක්ද මෙම ස්ථානයට රැස්ව සිටි අතර පොළේ ගොස් සිටි ඇගේ මවද පැමිණ තිබුණි. පැමිණ සිටි වැඩි පිරිසක් කීවේ සිද්ධිය වහාම පොලිසියට දැනුම් දෙන ලෙසයි. 
කලබලේට බයික් එකේ නොම්මරයවත් බලාගන්න බැරි වුණු බව කියමින් තරුණිය පොලිසියාමට එතරම් කැමැත්තක් දක්වා නැත. ගුරුවරියක වූ ඇගේ මවද දුරකතනයෙන් එක එක්කෙනාට සිද්ධිය පැවසුවා මිස ඉදිරි ක්‍රියාමාර්ගයක් ගැනීමට උනන්දුවක් නොවීය. මේ වනවිට පරිසරයේ අඳුර ද පැතිරෙමින් තිබූ බැවින් රැස්ව සිටි පිරිසද එකිනෙකා ඉවත්ව ගොස් ඇත. ප්‍රදේශවාසීහු බොහෝ දෙනෙක් සිද්ධියෙන් මහත් කම්පනයට පත්වී සිටි අතර මාර්ගයේ පයින් යාමටවත් නොහැකි තත්වයක් උදාවෙමින් ඇතැයි ඔවුහු මහත්සේ භීතියට පත්ව සිටියහ.


ඒත් සිද්ධිය මුලින් දුටු වැඩිහිටි පුද්ගලයා තම අසල්වැසි මිතුරාත් සමග සිද්ධිය සොයා බැලීමට තීරණය කර ඇත. ඔවුන් දෙදෙනා සිද්ධිය වූ ස්ථානය අසල නිවෙසට ගොස් එම නිවැසියාගේ සහයෙන් ඔවුන්ගේ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර ඇත. 
 එහිදී නිරීක්ෂණය වී ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තරුණයකු යතුරුපැදිය නවතා ඇය සමග කතා කරමින් සිට ඇති බවයි. කතාබහ ඇදීයන අතරතුර ඔවුන් දෑත් අල්ලාගෙන ඇති අතර පසුව යතුරුපැදියට ළංවී තුරුළුව සිටින විටදී මාර්ගයේ යතුරු පැදියක් පැමිණීමත් සමග ඇය ඔහු අතහැර ඉවත්වන ආකාරයත් ඒ සමගම යතුරුපැදිය පණගන්වා ගෙන තරුණයා ඉවත්වන ආකාරයත් වීඩියෝ කැමරාවේ සටහන් වී තිබුණි. බලහත්කාරයෙන් තරුණියගේ හිරිඔතප් බිඳීමක් සිදුව නැති බව ඔවුන්ට තහවුරු වී ඇත.
වීඩියෝ කැමරා දර්ශන නැරඹූ අයගේ මාර්ගයෙන් කලින් සිද්ධියටත් වඩා වේගයෙන්ම ඇත්ත සිද්ධිය ගමපුරා පැතිර ගොස් ඇත. 
සිද්ධියෙන් පසු මේ නිවෙසේ කිසිවකුත් පාරේ තොටේදී දක්නට නොලැබෙන බවත් ගුරුතුමිය ද ත්‍රිරෝද රථයකින් පාසල් යන එන බවත් ප්‍රදේශවාසීහු පවසති

 



අදහස් (0)

ගම කුලප්පු කරපු දුවගෙ බොරුවෙන් පවුලෙම සායම ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 154 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 365 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site