IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොණ්ඩා කැවුමක් සිසුවියකගේ පන්ති නායක පට්ටම ගලවලා

(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
උත්සවයකට සාදා තිබුණු පැණි රස කොණ්ඩ කැවුම් විදේශ රටක පදංචි සිය ඥාතියකුට යැවීමට සාදා නොදුන්නා යැයි පවසා පාසල් ශිෂ්‍යාවකගේ පන්ති නායිකා තනතුර අහිමි කළා යැයි කියන ගුරු මහත්මියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


ප්‍රදේශයේ පාසලක 7 වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍යාවකගේ නිවසේ ඉකුත් දිනෙක උත්සවයක් පැවැත්විණි.


ඥාතිවරියක් මෙම උත්සවයට පැමිණියේ පැණි රස කොණ්ඩ කැවුම් පෙට්ටියක්ද සාදාගෙනය.


උත්සවය අවසන් කර පාසල් දැරිය යළි පාසලට ගිය මුල් දවසේ පන්තියේ දරුවන්ට වෙනම කැවිලි පෙට්ටියකුත් ගුරු මහත්ම මහත්මීන්ට වෙනම කැවිලි පෙට්ටියකුත් රැගෙනය. යහළු යෙහෙළියන් මෙන්ම ගුරු මහත්ම මහත්මීන් ද රස කැවිලිවල රස වින්ඳේ තලු මරමිනි. 


විශ්‍රාම යාමට ආසන්නව සිටි ගුරුවරියක් කොණ්ඩ කැවුම් ගෙඩියක් කෑමෙන් පසුව ඊට රස වැටී ඇති අතර දැරිය සොයා තමන්ගේ ඥාතියකු විදේශ රටක පදිංචිව සිටින බවත් ඔහුට යැවීමට මව්පියන් ලවා කොණ්ඩ කැවුම් ටිකක් සාදා දෙන ලෙසත් දැරියගෙන් ඉල්ලීමක් කළාය. 


පාසල් ශිෂ්‍යාව නිවසට ගොස් ගුරුතුමියක් කොණ්ඩ කැවුම් ටිකක් සාදා දෙන ලෙස ඉල්ලීමක් කළ බව මව්පියන්ට ප්‍රකාශ කළාය. පසුව මව්පියෝ මේ සම්බන්ධයෙන් එම ගුරුවරිය මුණගැසී කොණ්ඩ කැවුම් උත්සවයට ලැබුණු ආකාරය පිළිබඳ පැහැදිලි කර දුන්නාය.

ගුරුවරිය මව්පියන්ගේ ප්‍රකාශය තුට්ටුවකටවත් ගණන් ගෙන නොතිබුණි.


බොරු කියන්න එපා ගුරුවරියක් යම්කිසි දෙයක් කරලා දෙන්න කියලා ඉල්ලුවාම පැහැර හරින්න එපා යැයි පවසා අසත්‍ය ප්‍රකාශ ලබාදුන් බව දන්වමින් ගුරු මහත්මිය මව්පියන්ගේ මුහුණටම පැවසුවාය.


තමන්ගේ නිවසේ කොණ්ඩ කැවුම් සාදන්නට තරම් වේලාවක් නැති බවත් ඥාතිවරියක ගෙනත් දුන් බවත් මව්පියන් සිද්ධිය පිළිබඳ ගුරු මහත්මිය යළිත් වරක් දැනුවත් කිරීමට කොපමණ උත්සාහ දැරුවද සාර්ථක නොවිණි. බැරිම තැන මව්පියෝ සිද්ධිය අතහැර දැමූහ.


පසුව විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් තෝරා පත් කර ගැනීම ඊට දින කිහිපයකට පසු සිදු කෙරිණි. මෙම ශිෂ්‍යාව ඉගෙනුම, නායක ලක්‍ෂණ, හැදියාව, ගුණගරුක බව හේතුවෙන් පංති නායිකාව ලෙස තෝරා පත් කෙරිණ.


එහෙත් එසේ පත්කර ගැනුණ සිසුවියට පන්තිනායක  කම හිමි නොවිණි. ඒ ඇගේ නම හැළී ගොස් තිබුණ හෙයිනි. 


පසුව සොයා බලද්දී ශිෂ්‍යාවගේ නම කපා හැර දමා ඇත්තේ ශිෂ්‍යාවගෙන් පැණි රස කැවුම් ගෙනත් දෙන ලෙස ඉල්ලා ඇතැයි කියන ගුරු මහත්මිය බව හෙළිදරව් වූයේ සියල්ලන්ම මවිතයට පත් කරමිනි.

 



අදහස් (1)

කොණ්ඩා කැවුමක් සිසුවියකගේ පන්ති නායක පට්ටම ගලවලා

chinthana Wednesday, 24 March 2021 04:54 AM

ගුරු මණ්ඩලයට කෑම යවපු එකනේ වැ‍රැද්ද... තමන්ගේ හැමදේම දෙමව්පියන්ගේ මුදලින් ඉ‍ටු කරගන්න බලනවා. අල්ලස් ඉල්ලුවා කියලා රස්සාවත් නැතිකරලා, විශ්‍රාම වැ‍ටුපත් නැති කරලා හිරේ යවන්න ඕනෑ.

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site