IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොකා පෙන්වා ගේම දීලා අතටම මාට්ටු වෙලා

කුරුඳු ඉඩමේ කුරුඳු කැපූ අය කුරුඳු ඉඩම් හිමියාට දුන් අපූරු ගේමක් අහම්බෙන් ඔහුගේ අතටම හසු වූ අපූරු පුවතක් කරන්දෙණිය ගමකින් අසන්නට ලැබේ.
කුරුඳු වතුවලින්ම ජීවත් වූ අයෙකි. කුරුඳු වතු කිහිපයකම අයිතිය තිබුණේ ඔහුටය. ඒවායේ වැඩ කළේ කුලී කම්කරුවන්ය. මේ කුරුඳු ඉඩම් උදලු‍ ගෑවේ ද මේ කම්කරුවන්ය. කුරුඳු තැලු‍වේ ද ඔවුන්ය. කුරුඳු ඉඩමේ කුරුඳු තැලීම සඳහා කපාගෙන ආවේ ඔහුගේ නිවසටය. ඒ නිසාම ඔහු කුරුඳු ඉඩමට නොයන තරම්ය. වතුවල වැඩ කරන සේවකයන් ගැන ඔහු සිටියේ පැහැදීමකිනි. ඔවුන් ඔහුට විශ්වාසය. අවංකවම වැඩ කරතැයි ඔහු සිතුවේය.
එදා රාත්‍රියේ ගමනක් ගොස් නිවස කරා එමින් සිටියේ තමාගේ මෝටර් රථයෙනි. සිය කුරුඳු ඉඩමේ සිට කුඩා ලොරියක් පාර දෙසට එමින් සිටිනු හේ දැක්කේය. එයින් කලබල වූ ඔහු සිය වාහනයෙන් බැස කුරුඳු ඉඩමෙන් එන පොඩි ලොරිය නතර කළේය.


ඔහු ලොරිය පරීක්ෂා කළේය. ලොරිය පිටුපස කපා තිබූ කුරුඳු කෝටු තොගයකි. එදින තමාගේ නිවසට කපාගෙන ආ කුරුඳු කෝටු තොගයට වඩා වැඩි තොගයකි. පුදුමය නම් එය නොවේ. තමාගේ ඉඩමේ කුරුඳු තලන කිහිප දෙනෙකු එහි සිටීමය. හිමිකරු දැකීමත් සමගම ලොරියේ සිටි ඔවුනගේ දෙපා අප්‍රාණික විය. තුන් මුණින්ම දාඩිය දමා උගුර කට වේළී ගිය්ය
  කම්කරුවන්ට දැන් කරන්න දෙයක් ඇත්තේම නැත. සර් අපි කපන කුරුඳුවලින් භාගයයි සර්ලාගේ නිවසට ගේන්නේ. අනෙක් බාගය හංගලා එවනවා. ඒ කුරුඳු තොගයයි මේ. අපි ඒවා පටවගෙන ගිහිල්ලා විකුණනවා. හරි කමක් නැහැ දැන් ඔය කුරුඳු තොගය අපේ ගෙදරින් බාලා මේ ලොරියේම තමන්ගේ ඇඳුම් උපකරණ පටවගෙන ගෙදර යන්න. ආයේ නම් මේ පැත්ත පළාතේ එන්න එපා කියමින් කීවේලු‍.

 කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



අදහස් (0)

කොකා පෙන්වා ගේම දීලා අතටම මාට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 97 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site