IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කම්සැප විඳින්න ගිහින් සේසතම නැතිකරගෙන

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත


කුරුඳු විකුණා අම්බලන්ගොඩ බස් නැවතුම් පොළට ආ කරන්දෙණියේ අයෙකුට කවදාවත්ම අත්විදීමට නොවූ අපූරු අත්දැකීමක් පිළිබඳ කතාවකි මේ.
කුරුඳු විකුණාගත් මොනරුන්ගෙන් කොටසක් සුදු කමීසය උඩ සාක්කුවේය. එය කාටත් පෙනෙන සේය . අනෙක් විශාල කොටස අත් බෑගයකය. ඔන්න ඔහේ විනෝදයටත් එක්ක ඔහු බස් පොළේ සිරිඅසිරිය විඳිමින් සිටියේය.
කොටට කොටේ කොට ගවුමක් ඇඳ සිටි තරුණියකගේ අවධානය තිබුණේ ඔහු දෙසය. දෙදෙනාගේම දෑස් සමපාත විය. තරුණිය මුදු මොලොක් සිනාවක් පෑවාය. පිළිතුරු සිනහව ඔහුගෙනි.
 ඔහු යළිත් වතාවක් මේ තරුණිය දෙස බැලූවිට ඇයගේ දෑස් එවිටද තිබුණේ ඔහු දෙසය. මේ ආකාරයටම ඔහු ඇය දෙස බැලු‍වේය. ඒ සෑම අවස්ථාවකම ඇයගේ දෙනෙත් තිබුණේ ඔහු දෙසය. නුහුරු, නුපුරුදු අමුතුම චමත්කාරයකින් ඔහුගේ හිත පිරී ගියේය. ඒ අවස්ථාවේදී ඔහුට ඇය පෙනුණේ දෙවඟනක් ලෙසය. කමීස සාක්කුවේ සල්ලි පමණක් නොව අත් බෑගයේ සිටි මොනරුන්ද ඔහු ගැණ බැලු‍වේ ඇයට පෙනෙන ලෙසය.
 ඔහු යළිත් ඇය දෙස බැලු‍වේය. එවිට ඇයගේ කට කනේය. ඒ එක්කම ඔහු එක් ඇසක් පොඩි කළේය. ඒත් ඇය සිටියේ සුපුරුදු පරිදිම සිනාසී ගෙනය. ඔහු ඇයට ළං කළේය. ඇයද ඔහුට ළං වූවාය.


ගතවූයේ ටික වෙලාවකි. දෙන්නා ගියේ බස් නැවතුම් පොළ ඉදිරිපිට ත්‍රිරෝද රථයකය. එහි නැගී ගියේ නගරය ආසන්නයේ කුලී කාමරයකටය. දෙන්නාගේ ආදර බස්වලින් කාමරය පිරී ඉතිරී යමින් තිබිණ. මුදල් අත් බෑගය කාමරයේ මේසය මතය. තවත් වේලාවක් ගතවිය ඇය ඔහුට යෝජනාවක් කළේය. ඒ නාන කාමරයට ගොස් ඇඟපත සෝදාගෙන එන ලෙසය. ඒත් සමගම ඔහු නාන කාමරයට වැදී දොර වසා ගත්තේ සින්දුවක් ද කියමිනි.
ඇඟපත සෝදාගෙන ඔහු නාන කාමරයේ දොර ඇරියේ තව මිනිත්තු කිහිපයකින් තමා අලු‍ත්ම අලු‍ත් ලෝකය පිළිබඳව සිහින මව මවමිනි. ඇය කාමරයේ නැත. වසා දැමූ කාමරයේ දොරද විවෘතය. ඒ විතරක්ම නොවේ තමාගේ මුදල් දැමූ බෑගයත් කමීස සාක්කුවේ තිබූ මුදලු‍ත් අන්තරස්දානය විය. කරකියා ගන්න දෙයක් නොවුණු තැන බස් පොළේ සිටි අඳුනන අයෙකුගෙන් මුදල් ඉල්ලා ගමට බස් රථයෙන් ගියේ තමාට සිදුවූ මේ අලකලංචිය ද ඔහුට කියමිනි.



අදහස් (0)

කම්සැප විඳින්න ගිහින් සේසතම නැතිකරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site