(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
අවශ්‍යතාවට ඇතුළට ගිය විගසම බුදු අම්මෝයි මර ලතෝනි දී කාන්තාවන් ආපසු දිවඑන අපූරු වැසිකිළි පද්ධතියක් පිළිබඳව අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
අම්බලන්ගොඩ බස් පොළෙහි උඩු මහලේ එක් අන්තයක ඇති වැසිකිළි පද්ධතියයි. නැතහොත් දැනට මේ බස් පොළේ සක්‍රීය තත්ත්වයේ ඇති එකම වැසිකිළි පද්ධතියයි. එය ගැහැනු පිරිමි වශයෙන් බෙදා වෙන්කර තිබේ. එය බෙදා ඇත්තේ කෙටි තාප්පයකිනි. දෙපැත්තේ අය නොපෙනෙන සේ බැඳුණු කෙටි තාප්පයකිනි.
අම්බලන්ගොඩ හා ඒ අවට දෙනෝදාහක් දිනකට අම්බලන්ගොඩ බස් පොළට එති. ඒ අතර කාන්තාවෝද වෙති. ඒ සෑම කෙනකුටම හදිසි අවශ්‍යතාවකට යාමට ඇත්තේ බස් පොළේ උඩු මහලේ වැසිකිළි පද්ධතියටය.
යම් හෙයකින් වැරදිලාවත් කාන්තාවක් තනිපංගලමේ මේ වැසිකිළි පද්ධතියේ ගැහැනු පැත්තට ගොස් දොර වහගත් සැනින් බුදු අම්මෝ කියමින් මරලතෝනි දී දුවගෙන එන්නීය. අනේ පිරිමි වැසිකිළිය පැත්තේ බිත්තියේ නැගී කවුද බලන් ඉන්නවා කියමින් හතිලමින් ඇය කියන්නේ වෙළෙඳසල්වල හිමිකරුවන්ටද ඇසෙන ලෙසය. ඒ සමගම ක්‍රියාත්මක වන ඔවුන් ඒ පිළිබඳව සොයා බැලුවත් කාන්තා වැසිකිළියට බැලුම් හෙලන්නා මෙතෙක් අසුවී නැත. මේ බැලුම් හෙලන්නා නිසා බියවූ කාන්තාවන් මේ වනවිට රැසක් වාර්තාවී තිබේ.
බැලුම් හෙලන්නා අසුනොවූවද එම වැසිකිළි පද්ධතියේ පිරිමි පැත්තේ භාග බිත්තියේ බොහෝ අත් පහරවල් හා පා පහරවල් දැක ගැනීමට හැකිවූයේ කවුරුන් හරි භාග බිත්තියට නැග කාන්තා පැත්තේ වැසිකිළියට බැලුම් හෙළන බවට සාක්ෂි දරමිනි.
මේ බැලුම් හෙලන්නාගෙන් කාන්තා වැසිකිළිය බේරා ගැනීමට අම්බලන්ගොඩ නගර සභාවේ උපසභාපති කමල් වැල්ලගේ, නාගරික මන්ත්‍රීවරුන් වන ආර්.එම්. ලසන්ත, ධම්මික කොඩිකාර යන මහත්වරුන් ඉදිරිපත්වූවේ අම්බලන්ගොඩ බස් පොළේ වෙළඳසල් හිමියන්ගේ දැඩි ඉල්ලීම මධ්‍යයේය.
ඒ එම මහත්වරුන්ගේ පෞද්ගලික වියදමින් පිරිමි වැසිකිළියේ භාග බිත්තියට නැග කාන්තා වැසිකිළිය දෙස බැලීමට නොහැකි වන අයුරින් ආවරණයක් යෙදීමට නගර සභා සේවකයන් පිරිසකට දැනුම්දීමත් සමගමය. ඒ අනුව හෙට අනිද්දාම බියක් සැකක් නොමැතිව අම්බලන්ගොඩ බස් පොළේ උඩු මහලේ ඇති කාන්තා වැසිකිළියට කාන්තාවන්ට යාමට හැකිය.
2025 නොවැම්බර් මස 21
78
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
173
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1030
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කතුන්ට හොල්මන් පෙනෙන වැසිකිළියක්
ganegoda Friday, 09 April 2021 11:24 AM
හොල්මන් වලට කතුන් පෙනෙන වැසිකිළියක් කිව්වා නම් විශ්වාස කරන්නත් තිබුණා.