IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආරක්ෂක නිලධාරීන්ට කොකා පෙන්වා ගමේ කොල්ලන්ගෙන් නමකුත් දාගෙන

හසලක - සුනිල් ඒකනායක
සේවය කළ ආයතනයේ ආරක්ෂක නිලධාරීන් නොමග යවමින් ඉතා සූක්ෂම ලෙස වටිනා පාවහන් යුවළක් ආයතනයෙන් පිටමන් කළ අයකු පිළිබඳ පුවතක් රන්දෙණිගල ප්‍රදේශයෙන් වාර්තා විය.
ඉදිකිරීම් ආයතනයක කම්කරු රැකියාවක් කරන 56 හැවිරිදි වියේ පසුවන සරම කමිසය අඳින නිතර බුලත් විට හපන මොහු තිදරු පියෙකි. මොහු සේවය කරන ආයතනයෙන් යමක් බැහැරට ගෙන යන්නේ නම් ආරක්ෂක අංශ දැඩි සෝදිසියකට ලක්කරයි. එපමණක් නොව භාණ්ඩය සඳහා නිකුත් කරන අවසර ලදුපතක් ද අවශ්‍ය වේ. ඒ නිසා එවැනි ලදුපතක් නොමැතිව කිසිවක් ආරක්ෂක මුර කපොලු‍වලින් රැගෙන යා නොහැකිය.
දිනක් ඔහු ආයතනයේ භූමිය පිරිසුදු කරමින් සිටියදී දක්නට ලැබුණේ වටිනා පාවහන් යුගලක් ගසක් යට තිබෙන අයුරුය. මෙය කෙසේ හෝ රැගෙන ගියහොත් කිසිවකුට අලෙවි කර යම් මුදලක් ගැනීමට හෝ තමන්ට හේනේ කටයුතුවලට යන විට පැලඳගෙන යා හැකිය යන සිතුවිල්ල ඔහුගේ සිත තුළ පහළ විය.
මෙය රැගෙන යාමට නම් ආයතන ප්‍රධානියාගෙන් ලබාගත් ලදුපතක් ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කළ යුතුය. එවැනි ලදුපතක් ලබා ගැනීමට නොහැකි බව ද ඔහුට වැටහුණි.
ඔහුට ගණ දෙවි නුවණක් පහළ විය. එදින සවස සපත්තු දෙකෙන් එකක් තම ගමන් මල්ලේ දමාගෙන මුර කපොල්ල පෙනෙන තෙක් මානයට රැගෙනවිත් පසුව එය මල්ලෙන් ඉවතට ගෙන එක් අතකින් එල්ලාගෙන පැමිණියේය.
මුර කපොල්ලේ සිටි ආරක්ෂක නිලධාරියා ඔහුගේ ගමන් මලු‍ ඇතුළු අනෙකුත් දෑ පරීක්ෂා කර “මේ මොකක්ද අරගෙන යන්නේ... කෝ මේකට අවසරපතක්..?” යැයි විමසීය.


“අනේ මහත්තයෝ මේක අර අකුලක තිබිලා මම දැන් එනකොට හම්බ වුණා. අපේ ගෙදර මදුරුවන් පිරිලා ඉන්නවත් බෑ. මදුරුවන්ට පුච්චන්නයි මේක මම අරගෙන යන්නේ. පින් සිද්ධ වෙයි මේක අරගෙන යන්න දෙන්න. තනි සපත්තුවක් පාවිච්චි කරන්නත් බෑනේ.” යැයි ඉතා බැගෑපත්ව යටහත් පහත්ව ආරක්ෂක නිලධාරියාගෙන් ඉල්ලා සිටියේය.
ඔහු ගැන අනුකම්පා කර සපත්තුව රැගෙන යාමට ඉඩ දුන්නේය. තවත් දින කිහිපයකට පසුව ඔහු අනෙක් සපත්තුව ද පෙර සේම රැගෙන ආරක්ෂක මුර කපොල්ල කරා පැමිණි අතර, ඒ ගැන විමසිමේදී ඔහු ආරක්ෂක නිලධාරීන්ට පවසා ඇත්තේ, “අනේ මහත්තයෝ, අනිත් සපත්තුවත් අකුලක තිබිලා හම්බ වුණා. මේකත් මදුරුවන්ට පුච්චන්න පුළුවන් හින්දා අරගෙන යනවා. අරක මදුරුවන්ට පුච්චලා දැම්මා. ඒක ගෙනියන්න දුන්නාට ස්තුතියි. මේකත් අරගෙන යන්නම්.” යැයි කියා පැවැසීය.
ඉල්ලීමට ඇහුන්කන් දුන් ආරක්ෂක නිලධාරියා එම සපත්තුව ද රැගෙන යෑමට මුදාහැර ඇති අතර, එදින සවස ගෙදර යන ගමන් පාරේදී හමු වූ හිතවතුන්ට ඔහු පැවැසුවේ, “කොහොමද මගේ පුංචි මොළේ, සිකියුරිටිකාරයන් ගොනාට අන්දවලා ඔන්න රුපියල් හාර පන්දාහක් විතර වටිනා සපත්තු දෙකක් ගෙනාවා. උඹලට පුළුවන් ද මේ වගේ හපන්කමක් කරන්න.” යැයි කියා පාරම් බාමින් නිවෙසට ගියේය.
එ‍හෙත් ඒ කතාව දැන් ඔහුටම පාරා වළල්ලක් වී ඇත්තේ, එදින සිට ‘සපත්තු අයියා’ යන නමින් ගැමියනුත්, ගමේ කොල්ලෝ ‘සපත්තු මාමා’ යන නමිනුත් ඔහු ඇමතීම නිසාය.

 



අදහස් (0)

ආරක්ෂක නිලධාරීන්ට කොකා පෙන්වා ගමේ කොල්ලන්ගෙන් නමකුත් දාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 96 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site