හේවාහැට - එම්. දසනායක
දේශපාලන රැස්වීමකට ආධාරකරුවන් පිරිසක් රැගෙන ගොස් ඔවුන්ට සංග්‍රහ කළයුතු බව පවසා ආසන සංවිධායකවරයාගෙන් මුදල් ලබාගෙන ආධාරකරුවන් පිරිස මගහැර සිටි කාන්තාවකට ලබාගත් මුදලට වඩා දෙගුණයක මුදලක් අතින් ගෙවන්නට සිදුවූ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වේ.
සිද්ධියට මුහුණ දුන් මෙම කාන්තාව හා ඇයගේ සැමියාට ජීවත්වීමට ස්ථීර ආදායම් මාර්ගයක් නොතිබිණි. මැතිවරණ කාලයේදී කුමන පක්ෂයක ඡන්ද ප්‍රචාරක කාර්යාලයක් හෝ දැන්වීම් පුවරුවක් සිය නිවසේ ප්‍රදර්ශනයට තබාගෙන ඡන්ද කාලෙට පමණක් ගම් වදින නමගිය දේශපාලනඥයන්ගේ ගෝලබාලයන් සමග එක්වී දවසේ වියදම සොයා ගැනීම ඔවුන්ගේ පුරුද්දක් වී තිබිණ.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙකු සහභාගි වන රැස්වීමකට ද මෙම යුවළ, පිරිස එක්රැස් කරගෙන බස් රථයකින් ගොස් තමන් සමග පැමිණි පිරිස මගහැර ආසන සංවිධායකවරයාගේ ගෝලයෙකු වෙත ගොස් පැමිණි පිරිසට සංග්‍රහ කිරීමට අවශ්‍ය බව පවසා මුදල් ලබාගෙන ඇත.
කාටත් හොර රහසේ සිදුකළ මෙම ගනුදෙනුව පිළිබඳව බස්රථයේ ගමන්ගත් පිරිසට දැන ගන්නට ලැබී ඇති අතර තමන්ට කුසගින්නේ රැස්වීමට සහභාගි විය නොහැකි බව පවසමින් දිවා ආහාරය ලබාගත යුතු බවත් සංවිධායකවරයාගෙන් ලබාගත් මුදලින් තමන්ට ආහාරපාන සපයා දෙන ලෙස කාන්තාවගෙන් ඉල්ලීමක් කර ඇත.
නමුත් තමන් අත මුදල් නොමැති බවත් සංවිධායකවරයා තමන්ට මුදල් ලබා නොදුන් බව පවසා පිරිස මගහැරීමට උත්සාහ කරන අතරතුර පිරිස සමග ගමන්ගත් ව්‍යාපාරිකයෙකු පැමිණ පිරිසට කුසගින්න නිවා ගැනීමට ආහාර පාන ලබාගැනීමට තමන් මුදල් ලබාදෙන බවත් පසුදින උදෑසන එම මුදල පියවීමට කටයුතු කළ යුතු බව කාන්තාවට පවසා ඇත.
ව්‍යාපාරිකයා ලබාදුන් මුදලින් කුසගින්න නිවාගත් පිරිස ආහාර පාන ලබාගැනීමට වැයවූ මුදලට හෝටල් හිමියාගෙන් රිසිට්පතක් ලබාගෙන කාන්තාවට ලබාදී ඇත.
පිරිසට සංග්‍රහ කිරීමට ආසන සංවිධායකවරයා තමන්ට ලබාදුන් මුදලට වඩා දෙගුණයක මුදලක් බිල්පතේ සඳහන්ව ඇති බව දුටු කාන්තාවට හීන් දහඩිය දමා ඇති අතර ඉතිරි මුදල සොයාගැනීමට නොහැකිව කාන්තාව හා ඇයගේ සැමියා මේ දිනවල ණයට මුදල් සොයමින් සිටින බවට වාර්තා වේ.
මස් මාළු නොඋයා පෝදා පස් පවින් මිදීමට සෝයා මීට් උයන්න ගොස් ප්‍රාණඝාත රැසක් සිදු කළ කතක ගැන කතාවක් අම්බලන්ගොඩ අලුත්වලින් ඇසේ.
වෙරි මරගාතේ කළුවරේ තම නිවසට යැයි සිතා අසල්වැසි නිවසකට පිටුපසින් යමින් සිටියදී ඉඳුල් වතුර කොරහක් නා ගත්ත අපූරු වයෝවෘද්ධ පස් දරු පියකු පිළිබඳ පුවතක් කෑ
අන්සතු කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වන බවට සැමියා ගැන සැක සිතූ බිරිය සැමියා අතරේ අඬදබර කර ගත් පුවතක් වයඹ පළාතේ ගම්මානයකින් අසන්නට ලැබුණි. සි
මහ කක්කුට්ටා ඇදට ගියාට කමක් නෑ පැටවු කෙළින් යන්න ඕනෑ යැයි මත්ද්‍රව්‍ය පානය කර ඇඳක වැටී සිටි වැඩිමහල් පිරිමි දරුවාට තදින්ම මත්පැන් පානය කරන ලද අපූරු පි
සමාජ සේවකයකු ලෙස ප්‍රදේශයේ කීර්තිමත් නමක් දිනා සිටි ව්‍යාපාරිකයකුගේ වෙස් මුහුණ ගැලවී ගිය අපූරු පුවතක් රජරට ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.
පසුගියදා පැවැත්වූ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් ඇමතීම සඳහා ජනප්‍රිය දේශපාලන පක්ෂයක උපප්‍රධාන නායකයකු පැමිණෙන අවස්ථාවේ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආධාරකරුවන් අන්දවන්න ගිහින් අතින් තට්ටු වෙලා