බිරිඳ හොඳම මිතුරා සමග අනියම් සම්බන්ධයක් ඇති කර ගෙන ඇති බව ආරංචි වී මිතුරාටම බිරිඳ බාර දී සල්ලිත් දුන් පුද්ගලයකු පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
සිදුවීම මෙසේය.
ඔහු එම මිතුරා සමග කලක පටන් සමීපව ඇසුරු කරන පුද්ගලයකි. කොටින්ම කියතොත් ඔහු කන්නේ බොන්නේ ගමන් බිමන් යන්නේ ද එකටය. ඔහු ප්‍රදේශයේ තරුණියක සමග ආදර සම්බන්ධතාවයක් පටන් ගෙන ඇති අතර එයට ද මේ මිතුරාගෙන් උපරිම සහයෝගයක් ලැබී තිබේ.
එය විවාහය දක්වා රැගෙන යන්නත් විවාහයට තරුණියගේ මවුපියන් එකඟ කර ගන්නත් මේ මිතුරා උදව් කර තිබේ. එම තරුණිය ඉතා රූමත් අතර, ගේ දොර වැඩ වලට වඩා මුහුණු පොතේ වැඩවලට යොමු වී ඇත.
මේ පිළිබඳව ඔහු ඇයට අවවාද කර ඇත්තේ මුහුණු පොත වගේම ගේ දොර වැඩත් කරන ලෙසය. කෙසේ වෙතත් රැකියාවක් නොකරන මිතුරා පැමිණ ඇයගේ සහයට ගේ දොර වැඩ කරදී තිබේ.
කලක් ගත වද්දී එක් දිනක් කාර්යාලයේ අමතක වූ ලිපි ගොනුවක් රැගෙන යාමට සිය නිවසට පැමිණි ඔහු දුටු දසුනින් අන්දුන් කුන්දුන්ව තිබේ. ඔහු පැමිණෙන බව නොදත් මිතුරා හා බිරිය නිදන කාමරයේ සිටින අයුරු දුටු ඔහුට හීන් දහඩිය දමා තිබේ. ඔවුන් ශබ්ද ඇසෙනවාට නිවසේ දමා තිබූ රේඩියෝවේ ප්‍රේම ගීතයක් ගයමින් සිටි ගායකයාගේ කට වසා දැමු ඔහු දෙදෙනාට සාලයට අඬ ගසා ඇත.
බිරිඳට ඇඳුම් ලෑස්ති කර ගන්න ලෙස පවසා මිතුරා අමතා ඔහුට මුදල් දී ඇත්තේ රස්සාවක් සොයා ගන්නා තුරු ජීවත් වන්න කියාය. ඔහුගේම මෝටර් රථයෙන් දෙදෙනා නගරයට දැමු ඔහු මෝටර් රථය හරවා ඇත්තේ උසාවිය අසල නීතිඥවරුන් සිටින ප්‍රදේශයටය.
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
වෙසක් දන්සල මුවාවෙන් සිය නිවසේ පොල් ප්රශ්නය මාසයක් දෙකක් ආවරණය කර ගැනීමට ගොස් කළ සොරකම නිරාවරණය වී අලි අමාරුවක වැටුණු දන්සල් සංවිධායකයකු පිළිබද කතා
අධික තෘෂ්ණාව නිසා නොමිලයේ දෙන සිල් රෙදි කට්ටලය අහිමි කරගත් කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
වෙසක් උත්සවය නිමිත්තෙන් මරණයට කැපවූ ගවයකුට අභයදානය දීමට මුදල් ආධාර එකතු කිරීමට ගිය උපාසක මහතකු යාබද නිවසකට රිංගා කාන්තාවක සමග අනගරැඟුම් පාමින් සිටිය
වැඩිහිටි කතකට ‘ආච්චි‘ යැයි පැවසීම නිසා ත්‍රීරෝද රථයකින් ගෙන ගිය අපේක්ෂකයාගේ පක්ෂයට ඡන්දය නොදී වෙනත් පක්ෂයකට ඡන්දය දීම නිසා හොඳ පරිප්පුවක් කෑමේ පුවත
වටේ පිටේ අය තමන් ගොඩ එ්මට නොහැකි අයුරින් අන්දා ඇති බව දැනගත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකුට යක්ෂාවේශ වී කළ අපූරු ක්‍රියාවක් පි
පළාත් පාලන ඡන්ද සමයේ මනාපය ඉල්ලා ගෙන් ගෙට ගිය අපේක්ෂිකාවක් තම පරණ පෙම්වතෙකුගේ නිවසට ගොස් සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව දකුණේ පිටිසරබද ගමකින් පසුගියදා
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අනියම් පෙම හසුවී මිතුරාට බිරිද බාරදී සල්ලිත් දීලා