වටේ පිටේ අය තමන් ගොඩ එ්මට නොහැකි අයුරින් අන්දා ඇති බව දැනගත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකුට යක්ෂාවේශ වී කළ අපූරු ක්‍රියාවක් පිළිබඳව ගාලු පුරේ ගම්බද ප්‍රදේශයකින් සැලවෙයි.
යමක් කමක් තිබූ අයෙකි. ඒ නිසාම ඔහු ගමේ සභාවේ මන්ත්‍රී කෙනකුවීමට ඉදිරිපත්විය. කොල්ලො කුරුට්ටන් ළං කර ගත්තේය. ඒ කෑම, බීම සහ දුම දීමෙනි. දවසකට සීයක් දෙසියක් ඔහු පස්සේය. ඔහුගේ නිවසේය. හිතුවටත් වඩා ඒ වෙනුවෙන් වියදම් විය. නමුත් ඔහු ගේම අත නොහැරියේය. තමාගේ රන් ආභරණ පමණක් නොව නෝනාගේ ඒවාද උකසට ගියේ මැම්බර් කෙනෙක් වීමට ඇති දැවැන්තම අාශාව නිසාමය.
දැන් තමා වටා සිටින කොල්ලොකුරුට්ටන් දිහා බැලුවම ඔහුට සතුටුය. ඒ ප්‍රතිවාදින්ට එවැනි ජන ගඟක් නැති බව දැකීමෙනි. මේ පාර තමා ගමේ මැම්බර් වන එක සිකුරු වන බවට ඔහුට ඒත්තු ගියේය.
තව තවත් කොල්ලෝ කුරුට්ටන් එකතු කර ගන්න ඔහු වියදම් කිරීමට සිතා ගත්තේය. කනකර ආභරණ උකසට ගත් අත තිබූ මුදල ද හීන වෙමින් ගියේය. හිතවතුන්ගෙන් මුදල් ඉල්ල ගත්තේය. ඒවාද මදිවිය. සිය පදිංචි නිවසේ ඔප්පුව උකස් කළේ පෙනි පෙනී තියෙන ජය විජයග්‍රහණය කිරීමටය. ඔහු ළඟ මුදල් ගැවසෙන්න ගැවසෙන්න කොල්ලොකුරුට්ටෝ ද වැඩියෙන් ගැවසුණෝය.
ඔහුගේ කොට්ඨාසයේ ඡන්දය ගණන් කිරීමේ අවස්ථාව එළැඹියේය. ඔහුද එහි ගැවසුණේ සීයක් දෙසියක් කොල්ලන් සමගය. ඔහු දෙන දුම්වැටිවලින් කොල්ලෝ දුම් බොති. දුරින් රහසිගත ස්ථානයක පිළියෙල කළ තැනක තවත් කොල්ලෝ රොත්තක් සැරබීම බොති. දුම් සහ සැර බීම නොබොන කොල්ලෝ බිස්කට්, චුයින්ගම් වැනි කෙටි ආහාරවල රසවිඳිති. කොල්ලන්ට මෙය එකම මඟුල් සක්වළකි. එයින් ඔවුහු නිසි ආකාරයෙන් ආස්වාදය විඳිමින් සිටියහ.
ඡන්ද ප්‍රතිඵලය ලැබුණේය. ඔහුට ලැබුණේ මනාප පනහකටත් වඩා අඩු සංඛ්‍යාවකි. ඒ වනවිටත් ඔහුගෙන් කමින් බොමින් සිටි කොල්ලන් ගණන සීයකටත් වඩා වැඩි මිස අඩු නැත. ලැබූ ඡන්ද ප්‍රතිඵලයත් සමගම ඔහුට මළ පැන්නේය. මට ලැබුණු ඡන්ද සංඛ්‍යාව හැර අනෙක් ඈයෝ පල යයි කියමින් වියරුවෙන් ඔහු කෑ ගැසුවේය. එන පොට හොඳ නැති බව කොල්ලෝ දත්හ. කොල්ලන් රොතුබුරුතු පිටින් ඔහුගෙන් ඉවත්ව ගියේ ඒ නිසාය. ඉතිරි වූයේ දහයක් පහළවක් පමණි. ගිය අය තමන් අන්දවා තමන් ලොකු අමාරුවක දමා ඇති බව ඔහුට තේරුම් යනවිට කොල්ලන්ට කන්න, බොන්න උකස් කළ චංචල දේපළ පිළිබඳව ඔහුගේ මනසට ආවේ ඒ සමගලු.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
වෙසක් දන්සල මුවාවෙන් සිය නිවසේ පොල් ප්‍රශ්නය මාසයක් දෙකක් ආවරණය කර ගැනීමට ගොස් කළ සොරකම නිරාවරණය වී අලි අමාරුවක වැටුණු දන්සල් සංවිධායකයකු පිළිබද කතා
අධික තෘෂ්ණාව නිසා නොමිලයේ දෙන සිල් රෙදි කට්ටලය අහිමි කරගත් කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
වෙසක් උත්සවය නිමිත්තෙන් මරණයට කැපවූ ගවයකුට අභයදානය දීමට මුදල් ආධාර එකතු කිරීමට ගිය උපාසක මහතකු යාබද නිවසකට රිංගා කාන්තාවක සමග අනගරැඟුම් පාමින් සිටිය
වැඩිහිටි කතකට ‘ආච්චි‘ යැයි පැවසීම නිසා ත්‍රීරෝද රථයකින් ගෙන ගිය අපේක්ෂකයාගේ පක්ෂයට ඡන්දය නොදී වෙනත් පක්ෂයකට ඡන්දය දීම නිසා හොඳ පරිප්පුවක් කෑමේ පුවත
වටේ පිටේ අය තමන් ගොඩ එ්මට නොහැකි අයුරින් අන්දා ඇති බව දැනගත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකුට යක්ෂාවේශ වී කළ අපූරු ක්‍රියාවක් පි
පළාත් පාලන ඡන්ද සමයේ මනාපය ඉල්ලා ගෙන් ගෙට ගිය අපේක්ෂිකාවක් තම පරණ පෙම්වතෙකුගේ නිවසට ගොස් සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව දකුණේ පිටිසරබද ගමකින් පසුගියදා
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලණු කා ඡන්දයෙන් පැරදී යක්ෂාරූඪවෙලා