වෙසක් උත්සවය නිමිත්තෙන් මරණයට කැපවූ ගවයකුට අභයදානය දීමට මුදල් ආධාර එකතු කිරීමට ගිය උපාසක මහතකු යාබද නිවසකට රිංගා කාන්තාවක සමග අනගරැඟුම් පාමින් සිටියදී බිරියට හසුවීමෙන් පසුව ගවයාට තණකොළ කැපීමට ආ බව කියා කොස්සක් කැඩෙනතෙක් ගුටි පූජාවක් භුක්ති විඳීමේ පුවතක් බදුල්ලට ආසන්න නගරයකින් වාර්තා වේ.
ඔහු මැදිවියේ පසුවෙන අයෙකි. ගමේ සමිති සමාගම්වල නිලතල හොබවමින් පොදු වැඩකටයුතුවල ඉතා ඕනෑකමින් වගකීමෙන් කටයුතු කරන මෙම උපාසක මහතා ගමේ කාගෙත් හොඳ හිතා දිනාගෙන සිටියේය.
වෙසක් උත්සවය නිමිත්තෙන් මෙවර ගමේ සමිතිය මරණයට කැප වූ ගවයකුට අභයදානය දීමට තීන්දු තීරණ ගත්තේය. ඒ අනුව මෙම උපාසක මහතාට ද මුදල් ආධාර එකතු කිරීමට ආධාර පත්‍රයක් ලැබිණි.
ඔහු එය කරට අරන් වගකීමෙන් කටයුතු කරමින් මරණයට කැප වූ ගවයා අභය දානයෙන් මුදවා ගැනීමට මුදල් ආධාර එකතු කරමින් ගම වටේ යන්නට විය.
මේ අතර යාබද නිවසේ තනිව වෙසෙන කාන්තාවක උදෑසනම ‘අයියා මම කොළකැඳ හැදුවා මෙන්න අයියාත් බොන්න’ කියා කොළකැඳ කෝප්පයක් රැගෙන නිවසට ගොඩවී යන අයුරු උපාසක මහතාගේ බිරිය ජනෙල් කවුළුවෙන් හොරෙන් බලා සිටියාය.
කොළකැඳ කෝප්පය බී සප්පායම් වූ උපාසක මහතා ‘නෝනේ මම මේ හරකා බේරා ගන්න සල්ලි එකතු කරන්න යනවා’ කියා නිවසින් පිටි වී ගියේය.
බිරියත් කිසිත් නොකියා නිශ්ශබ්ද ව සිටියේ සැමියාගේ හොර අල්ලා ගැනීමට මාන බලමිනි.
ගවයා අභය දානයෙන් බේරා ගැනීමේ ආධාර පත්‍රයත් අතැතිව කාටත් හොරා උපාසක මහතා යාබද නිවසට රිංගා ගත්තේය. දැන් දෙදෙනා සුරසැප ලෝකයේය.
මේ අතර ආධාර මුදල් එකතු කිරීමට ගිය සැමියා ප්‍රමාද හෙයින් බිරියට සැකසිතී ඇය යාබද නිවසට ගොස් හොර රහසේ දොර කවුළුවකින් බැලීමේ දී උපාසක සැමියා අනගරැඟුමේ සිටින අයුරු දැක මරු විකලෙන් කොස්සක් රැගෙන ගොස් කොස්ස කැඩෙනතෙක් පහර දෙන්නට වූ අතර අනේ නෝනේ මම මේ හරකට කන්න දෙන්න තණකොළ ටිකක් කපන්න ආවා යැයි කියා නිවසින් පලා ගියේ අවට උදවිය ද සිනාවට පත් කරමිනි.
ඇල්ල ප්‍රසාද් රුක්මල්
වෙසක් දන්සල මුවාවෙන් සිය නිවසේ පොල් ප්‍රශ්නය මාසයක් දෙකක් ආවරණය කර ගැනීමට ගොස් කළ සොරකම නිරාවරණය වී අලි අමාරුවක වැටුණු දන්සල් සංවිධායකයකු පිළිබද කතා
අධික තෘෂ්ණාව නිසා නොමිලයේ දෙන සිල් රෙදි කට්ටලය අහිමි කරගත් කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
වෙසක් උත්සවය නිමිත්තෙන් මරණයට කැපවූ ගවයකුට අභයදානය දීමට මුදල් ආධාර එකතු කිරීමට ගිය උපාසක මහතකු යාබද නිවසකට රිංගා කාන්තාවක සමග අනගරැඟුම් පාමින් සිටිය
වැඩිහිටි කතකට ‘ආච්චි‘ යැයි පැවසීම නිසා ත්‍රීරෝද රථයකින් ගෙන ගිය අපේක්ෂකයාගේ පක්ෂයට ඡන්දය නොදී වෙනත් පක්ෂයකට ඡන්දය දීම නිසා හොඳ පරිප්පුවක් කෑමේ පුවත
වටේ පිටේ අය තමන් ගොඩ එ්මට නොහැකි අයුරින් අන්දා ඇති බව දැනගත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකුට යක්ෂාවේශ වී කළ අපූරු ක්‍රියාවක් පි
පළාත් පාලන ඡන්ද සමයේ මනාපය ඉල්ලා ගෙන් ගෙට ගිය අපේක්ෂිකාවක් තම පරණ පෙම්වතෙකුගේ නිවසට ගොස් සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව දකුණේ පිටිසරබද ගමකින් පසුගියදා
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
උපාසකගේ අනග රැගුම මාට්ටු වී කොස්ස කැඩෙනකම් ගුටි දීලා
vernon Wednesday, 14 May 2025 01:32 PM
මේ කතාව පරස්පරයිනේ. ඔය සැමියා හොරෙන් අල්ලපු ගෙදරට වෙලා ඉන්නවා බිරිඳ දැක්කේ දොර කවුළුවකින්ලු... එතකොට ඒ බිරිඳ ජනේලෙන් දැක්කා නම් ඒ කියන්නේ දොර වහලා තියෙන්න ඕනෑ. එතකොට බිරිඳ කොහොමද කොස්සක් අරගෙන ගහන්න එන්නේ? ජනේලෙන් පැනලද? දොර ඇරලා තිබිලා ඇතුළට ගියා කියමු. එතකොට ආධාර එකතු කරන්න ගිය අය ආධාර එකතු කරලා තියෙන්නේ අල්ලපු ගෙදර වටේද?