වැඩිහිටි කතකට ‘ආච්චි‘ යැයි පැවසීම නිසා ත්‍රීරෝද රථයකින් ගෙන ගිය අපේක්ෂකයාගේ පක්ෂයට ඡන්දය නොදී වෙනත් පක්ෂයකට ඡන්දය දීම නිසා හොඳ පරිප්පුවක් කෑමේ පුවතක් ගාලු දිසාවේ ඡන්ද පොළකින් වාර්තා වේ.
වයස අවුරුදු හැත්තෑ පහ ඉක්ම වූ වැඩිහිටි කාන්තාවකි. එදා සිට දක්ෂිණාංශික දේශපාලනයේ ක්‍රියාකාරිනියක් ලෙසින් ඇය ප්රකටය. සෑම රැස්වීමකටම සහභාගිවන ඇය එම පක්ෂයේ නායකයෝ ඇය බොහෝ දැන හඳුනති. පසු කාලයේ දී ඇයගේ පාදවල තිබෙන අමාරුවක් නිසා ඇවිද යාමට නොහැකි විය.
අලුතෙන් දේශපාලනයට පැමිණි තරුණ අපේක්ෂකයෙකි. ඔහු මෙම කාන්තාව ගැන හරිහැටි අවබෝධයක් නොතිබිණි. මැතිවරණයට දින කිහිපයකට ඉහත දී මෙම ඡන්දය ඉල්ලීමට මෙම කාන්තාවගේ නිවෙසට ආ විට දී තමාට ඇවිද යාමට නොහැකි බැවින් වාහනයක් ගෙනැවිත් තමා ඡන්ද පොළට ගෙන ගියොත් ඡන්දය ලබා දෙන බවට තරුණ අපේක්ෂකයාට පොරොන්දු වූවාය.
මැතිවරණ පැවැති දින දහවල් මෙම අපේක්ෂකයා තම ත්‍රී රෝද රථයෙන් පැමිණ වියපත් මෙම කාන්තාව ඡන්ද පොළට රැගෙන ගියේය.
‘අනේ පුතේ ඔයාගෙ ඡන්ද සලකුණ මොකක්ද? එදා කිව්වට මට දැන් මතක නැහැ.‘
කාන්තාව කීවේ ඡන්ද පොළ ආසන්නයේදීය.
‘ආච්චියේ මගේ පක්ෂය මෙන්න මේකයි කියමින් රථයේ තිබූ ඡන්ද පත්‍රිකාවක ලකුණ පෙන්විය.
කොතරම් වයසට ගියත් තමාට ආච්චි කියනවාට ඇය කිසිසේක් කැමැති නැත. මෙම තරුණයා ආච්චි යැයි කීම නිසා ඇය කෝප වූවාය. ඒ බවක් නොපෙන් වූ ඇය ඔලුව සොලවමින් ගොස් ඡන්දය පාවිච්චි කර ආවාය.
ත්‍රී රෝද රථයේ නැගී ආපසු එන්න සූදානම් වන විට ආච්චියේ හරියට ඡන්දය දැම්මා නේදැ‘ යි තරුණයා ඇසීය.
‘ආ.. උඹ මට ආච්චි කියන්නේ ඇයි? උඹ හිතුව ද මම එච්චර නාකි වෙලා කියලා. මට මේ ඇවිද ගන්න අමාරුව තිබුණට මම ආච්චි කෙනෙක් නොවෙයි. මම උඹට දුන්න ඡන්දයක් නැහැ. මම එදා ඉඳලම දමන පැත්තට තමයි ඡන්දෙ දුන්නේ’
කාන්තාව කෝපයෙන් කියවන්නට වූවාය.
මේ බව කන වැකුණ තරුණ අපේක්ෂකයාට ද මළ පැන්නේය. උඹට හොඳ වැඩක් කරන්නම් යැයි සිතා ගත් මොහු වෙනත් පාරකින් ටිකක් දුරකට ගෙන ගොස් ‘ආච්චියේ මට තව එක්කෙනෙක් ගෙන එන්නට තිබෙනවා. ඒ එනවිට අරගෙන යන්නම්. මම එනතුරු ඔතනම ඉන්න. ආච්චි මෙතැනින් බහින්නයි කියා බලෙන්ම පාළු තැනක බස්සවා ත්‍රී රෝද රථය ඉතා වේගයෙන් පලා ගියේය.
ත්‍රි රෝද රථය එනතුරු පැය දෙක තුනකට වඩා වැඩි කාලයක් හැරමිටියක් ගසාගෙන පාර අයිනේ සිටිය දී වෙනත් වාහනයකින් ගෙදර ඇරලවා ගත්තේ තරුණ අපේක්ෂකයාට බැන වදිමින්ය.
බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා
වෙසක් දන්සල මුවාවෙන් සිය නිවසේ පොල් ප්රශ්නය මාසයක් දෙකක් ආවරණය කර ගැනීමට ගොස් කළ සොරකම නිරාවරණය වී අලි අමාරුවක වැටුණු දන්සල් සංවිධායකයකු පිළිබද කතා
අධික තෘෂ්ණාව නිසා නොමිලයේ දෙන සිල් රෙදි කට්ටලය අහිමි කරගත් කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
වෙසක් උත්සවය නිමිත්තෙන් මරණයට කැපවූ ගවයකුට අභයදානය දීමට මුදල් ආධාර එකතු කිරීමට ගිය උපාසක මහතකු යාබද නිවසකට රිංගා කාන්තාවක සමග අනගරැඟුම් පාමින් සිටිය
වැඩිහිටි කතකට ‘ආච්චි‘ යැයි පැවසීම නිසා ත්‍රීරෝද රථයකින් ගෙන ගිය අපේක්ෂකයාගේ පක්ෂයට ඡන්දය නොදී වෙනත් පක්ෂයකට ඡන්දය දීම නිසා හොඳ පරිප්පුවක් කෑමේ පුවත
වටේ පිටේ අය තමන් ගොඩ එ්මට නොහැකි අයුරින් අන්දා ඇති බව දැනගත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකුට යක්ෂාවේශ වී කළ අපූරු ක්‍රියාවක් පි
පළාත් පාලන ඡන්ද සමයේ මනාපය ඉල්ලා ගෙන් ගෙට ගිය අපේක්ෂිකාවක් තම පරණ පෙම්වතෙකුගේ නිවසට ගොස් සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව දකුණේ පිටිසරබද ගමකින් පසුගියදා
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ආච්චි කිව්වාම මල පැනලා