IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දන්සලේ පොල් ගෙදර බාගෙන


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



වෙසක් දන්සල මුවාවෙන් සිය නිවසේ පොල් ප්‍රශ්නය මාසයක් දෙකක් ආවරණය කර ගැනීමට ගොස් කළ සොරකම නිරාවරණය වී අලි අමාරුවක වැටුණු දන්සල් සංවිධායකයකු පිළිබද කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
මේ දිනවල පොල් මිල එලොව පොල් පෙනෙන තරමටම ඉහළ ගොස්ය. සිය නිවසේ පවතින පොල් ප්‍රශ්නයෙන් භාර්යාව ඔහුගේ ඉහමොළයට වද දුන්නේ වරක් දෙවරක් නොව කිහිපවරක්මය. රුපියල් දෙසීය, තුන්සීය වැනි ඉතා ඉහළ මිලකට පොල් ගෙඩියක් නිවසට රැගෙන ගිය විට එය කලටි යයි කියමින් බිරින්දෑ කෑමොර දුන්නාය.
හොඳටම වේළිච්ච ගෙඩියක් ගෙන ගිය විට උන්දෑගේ කන් කරච්චලය ඊට නොදෙවැනිය. මිනිහෝ මේක හොඳටම වේළිලා වෑංජනයකට දාන්න බැහැ වෑංජනය පැණි රස වෙනවා කියමින් යටි ගිරියෙන් මොර දුන්නාය.
ගමේ තරුණ පිරිස මේ වෙසක් පොහොයට දන්සලක් දෙන්න සූදානම් වෙන්නේ මෙවන් වටපිටාවකය. ඔහු එහි නිත්‍ය සාමාජිකයකු වන්නේ තරුණයන්ට සවියක් වෙන බව පවසමින්ය. තරුණ සංවිධායකයෝ තමන් දන්නා හඳුනන අයගෙන් මේ සදහා ආධාර උපකාර ලබා ගත්හ. කතා නායකයාද නිකන් නොසිටියේය. ඔහුද ඊට සක්‍රීයව දායක විය. තමන් දන්නා හඳුනන පොල් ඉඩම් හිමියෙකු ළඟට ගොස් තමන්ගේ වෙසක් දන්සලට පොල් ගෙඩි විසිපහක් දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. දනට පිනට කැමති පොල් ඉඩම් හිමියා ඊට එක පයින්ම කැමතිවූයේ වෙසක් පොහොයට කරන්න පින් කටයුත්තක් සිත සිතා ඉන්නා අතරේ මේ දන්සලට පොල් ලබාදීමට හැකිවීමෙනි.
දන්සල පවත්වන සමීපයේම සිය නිවස ඇති බැවින් දන්සලට දෙන පොල් තමාගේ නිවසට දෙන ලෙස ඔහු පොල් ඉඩම් හිමියාගෙන් ඉල්ලා සිටියේය. ඒ විතරක්ම නොව දන්සල දිනට නොවරදවාම එන ලෙසත් ඔහුගේ නිවසේ සියලු‍දෙනාටම එදින කෑම දන්සලෙන් පාර්සල් ලෙස ලබාදෙන බවත් දන්සල් සංවිධායකයා කීවේය. මේ ආරාධනයෙන් ඉමහත් සතුටට පත්වූ පොල් ඉඩම් හිමියා මේ ආරාධනාව භාර ගත්තේ පින් කටයුත්තක් සේ සලකාය.


දන්සල දා දහවල් පොල් ඉඩම් හිමියා එහි ගියේ ආරාධනාවට අනුව දන්සල වදින්නය. තමාගේ හිතවතා එහි නොසිටි හෙයින් අනෙක් අයගෙන් ඔහු ගැන විපරම් කළේය. ඔහු දන්සල පිටිපස උයන තැන බව ඔවුන්ගෙන් දැන ගන්නට ලැබිණ. ඒ අනුව ඔහු දන්සල පිටි පසට ගියේය. හිතවතා එහිය. පොල් ඉඩම් හිමියාගේ හිත කීරි ගැසෙන දර්ශනයක් එහිදී දුටුවේය. හිස් පොල් කිරි පැකට් සෑම තැනමය. එකම පොල් මුඩ්ඩක් හෝ පොල් කට්ටක් එහි දක්නට නොවීය. තමන් දුන් පොල් ගෙඩි විසිපහට සිදුවූ දෙය ඉවෙන් මෙන් ඔහු දැන ගත්තද එය සාක්ෂි සහිතව දැන ගැනීමට ඔහුට අවශ්‍ය විය.
ඒ නිසාම ඔහු තමා පොල් ගෙඩි විසිපහ බෑ දන්සල ආසන්නයේ සිටි අයගේ නිවසට ගියේය. එම නිවසේ හතර වටම නිරීක්ෂණය කළ ඔහුට තමා එදා පොල් ගෙනා පෝර උර දෙක තුනම පොල්වලින් පිරී නිවසේ මඩුවේ තිබෙනු ඔහු දුටුවේය. ඔහුට මළ පැන්නේ හිමින් නම් නොවේ. තමන් පොල් දුන්නු සංවිධායක සොයා ගියේ ඉන් අනතුරුවය. සංවිධායකයා දන්සල මුවාවෙන් කළ පොල් සොරකම පිළිබඳව ඔහුට දෙහි කැපුවේ අනෙක් සංවිධායකයන්ද ඉදිරිපිටය. නිදහසට කරුණු කාරණා රැසක්ම ඔහු ඉදිරිපත් කළත් දන්සලට නොගත් පොල් ගෙඩි විසිපහ සිය නිවසට ගෙනත් දෙන ලෙස ඉල්ලා දන්සල නොවැදම ගියේ ආයෙත් නම් මේ වගේ දේවල්වලට හසුනොවනා බව කියමින්ලු‍.

 



අදහස් (0)

දන්සලේ පොල් ගෙදර බාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site