IMG-LOGO

පරණ පෙම්වතාගේ ගෙදරින් මනාපේ ඉල්ලා ජංජාලයක්

පළාත් පාලන ඡන්ද සමයේ මනාපය ඉල්ලා ගෙන් ගෙට ගිය අපේක්ෂිකාවක් තම පරණ පෙම්වතෙකුගේ නිවසට ගොස් සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව දකුණේ පිටිසරබද ගමකින් පසුගියදා දැනගන්නට ලැබුණි.
 එම අපේක්ෂිකාව හැඩකාර කටකාර සමාජශීලි තරුණියකි. මේ නිසා ඇය සමඟ කතාබහ කිරීමට ඇසුරු කිරීමට බාල තරුණ වැඩිහිටි බොහෝ පිරිසක් කැමතිය. ඇයගේ මේ චරිත ස්වභාවය ඡන්ද ව්‍යාපාරයේ දී බොහෝ වාසි සහගත විය.
ඇයගේ දේශපාලන පක්ෂය ගම්වාසින්ට ගැටලුවක් නොවූ නිසා නිවෙස්වලට අල්ලාප සල්ලාපයේ යෙදෙමින් බොහෝ විනෝදයෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු නිරත වූ අතර  ඒ සඳහා පිරිමි පාර්ශ්වය කැමැත්තෙන්ම ඉදිරිපත් වූහ.


 මෙසේ ගෙයින්ගෙට යන අතරතුර එක් නිවසකට ගොඩවූ ඇය එහි සිටි කුඩා දරුවකු අතට තමා පිළිබඳව විස්තර සඳහන් කර තිබුණු අත් පත්‍රිකාවක් දී  ‘‘පුතේ මේක තාත්තා ආවම දෙන්න’’ යැයි කියා පිටත්වීමට සූදානම් විය. එවිටම නිවසෙන් එළියට පැමිණි තරුණ කාන්තාවක ඇය තම සැමියාගේ පරණ පෙම්වතියක බව හඳුනාගෙන ඇත.
  එම අපේක්ෂිකාවගේ වගතුග හොඳින් දන්නා එම කාන්තාව , ඔයාගේ විස්තර නොදන්න කෙනෙක් මේ ගම්පළාතේ නැහැ. මගේ මිනිහගේ මනාපේ ගන්න ආයිත් ආවද, මගේ මිනිහගෙ මනාපෙ ගන්න ඔයා ඉස්සර ලියපු පෙම්පත් ගොඩක් මට හමුවුණා. ඒවා මම තියාගෙන හිටියේ ඔයා හමු වූ දවසක දෙන්න කියල හිතාගෙනයි. ඒ නිසා මේ ටිකත් අරන් ගිහින් පිටපත් අරන් කට්ටියට බෙදන්න. එතකොට ඔයාගේ හැටි තවත් දැනගන්න පුළුවන් යැයි කියමින් දරුවා අතට දී තිබුණු අත්පත්‍රිකාව උදුරාගෙන ඉරා දමා ඇත.
මෙම සිද්ධියෙන් කලබලයට පත් නොවූ එම අපේක්ෂිකාව, හොඳයි අක්කේ, අක්කා දුන්නු කොළ ටිකත් මම ප්‍රින්ට් කරලා කට්ටියට බෙදන්නම්, එතකොට ඒකත් මගේ ප්‍රචාරන කටයුතුවලට හොඳයි, ඔයා දන්නෙ නැති වුණාට ඔයාගේ මනුස්සයගේ මනාපෙ තවමත් මටයි කියමින් සිනාසෙමින් එම නිවසෙන් පිටත් වී ඇත.
මුලටියන එස්. බාලසූරිය

 



අදහස් (0)

පරණ පෙම්වතාගේ ගෙදරින් මනාපේ ඉල්ලා ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

දන්සලේ පොල් ගෙදර බාගෙන
2025 මැයි මස 14 257 0

වෙසක් දන්සල මුවාවෙන් සිය නිවසේ පොල් ප්‍රශ්නය මාසයක් දෙකක් ආවරණය කර ගැනීමට ගොස් කළ සොරකම නිරාවරණය වී අලි අමාරුවක වැටුණු දන්සල් සංවිධායකයකු පිළිබද කතා


වැඩි තණ්හාවට සිල් රෙද්දත් අහිමිවෙලා
2025 මැයි මස 13 166 1

අධික තෘෂ්ණාව නිසා නොමිලයේ දෙන සිල් රෙදි කට්ටලය අහිමි කරගත් කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


උපාසකගේ අනග රැගුම මාට්ටු වී කොස්ස කැඩෙනකම් ගුටි දීලා
2025 මැයි මස 10 173 1

වෙසක් උත්සවය නිමිත්තෙන් මරණයට කැපවූ ගවයකුට අභයදානය දීමට මුදල් ආධාර එකතු කිරීමට ගිය උපාසක මහතකු යාබද නිවසකට රිංගා කාන්තාවක සමග අනගරැඟුම් පාමින් සිටිය


ආච්චි කිව්වාම මල පැනලා
2025 මැයි මස 10 87 0

වැඩිහිටි කතකට ‘ආච්චි‘ යැයි පැවසීම නිසා ත්‍රීරෝද රථයකින් ගෙන ගිය අපේක්ෂකයාගේ පක්ෂයට ඡන්දය නොදී වෙනත් පක්ෂයකට ඡන්දය දීම නිසා හොඳ පරිප්පුවක් කෑමේ පුවත


ලණු කා ඡන්දයෙන් පැරදී යක්ෂාරූඪවෙලා
2025 මැයි මස 10 85 0

වටේ පිටේ අය තමන් ගොඩ එ්මට නොහැකි අයුරින් අන්දා ඇති බව දැනගත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකුට යක්ෂාවේශ වී කළ අපූරු ක්‍රියාවක් පි


පරණ පෙම්වතාගේ ගෙදරින් මනාපේ ඉල්ලා ජංජාලයක්
2025 මැයි මස 10 91 0

පළාත් පාලන ඡන්ද සමයේ මනාපය ඉල්ලා ගෙන් ගෙට ගිය අපේක්ෂිකාවක් තම පරණ පෙම්වතෙකුගේ නිවසට ගොස් සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව දකුණේ පිටිසරබද ගමකින් පසුගියදා


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1377 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1592 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site