(නිමන්ති රණසිංහ)
කොටහේන ප‍්‍රදේශයේ තනිව වාසය කළ වෛද්‍යවරයකුගේ අත්පා බැඳ දෑසට මිරිස්කුඩු ගසා හිසට පහරදී ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් බාලවයස්කාර දරුවන් දෙදෙනා ඇතුලු තිදෙනෙකු හෙට (04) දක්වා රක්ෂිත භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණීය මහතා අද (03) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ සියපත් උයන නිවාස , දෙමටගොඩ ලිපිනයේ පදිංචි රමේෂ් රාජා මහේන්ද්‍රන් නැමැත්තා සහ කොටහේන ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක සහ 17 ක බාලවයස්කාරුවන් තිදෙනෙකි.
එමෙන්ම මෙම සැකකරුවන් තිදෙනාගෙන් බාලවයස්කාර දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පියවර ගන්නා තෙක් ආරක්ෂිතව වෙනම ස්ථානයක තබන ලෙසට අධිකරණය බන්ධනාගාරයට නියම කළේය.
නො. 30, බ්ලුමැන්ඩල් පටුමග කොළඹ 13 පදිංචිව සිටි ශේවියල් ජෝෂප් මෙරිල් සුරේෂ් කුමාර් බි‍්‍රටේ නැමැති වෛද්‍යවරයාව අත්පා සහ ඇස් බැද දමා ඝාතනය කර තිබියදී කොටහේන පොලීසිය සොයා ගනු ලැබුවේ ඉකුත් මැයි මස 22 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලුම් ගහක් තිබුනා නම්. මේ පොඩි වයසට මෙවැනි දරුණු ක්‍රියාවක් කරයිද? නීතියක් ප්‍රතිපත්තියක් නැති රටක් වශයෙන් අපි මේ ගැන ඉතාම සතුටු වෙලා එල්ලුම් ගහ එපා කියලා පාරේ පෙළපාලි යමු. එන්න කට්ටියම..