
යම් කෙනකු සිනාමුසු මුහුණින් ප්‍රියමනාපව දවස අරඹනවානම් ඒ ක්‍රියාශීලීත්වය දිනයේ නිමාව තෙක් රඳවා තබා ගැනීමටත් හැකි නම් කෙතරම් අපූරුද? තරහව, කෝපය වැනි වෛරී සිතුවිලි දිනෙන් දිනම ඔබව රෝගියකු කරවයි. එබඳු මනෝභාවයක නොසිට නිරෝගීකම උදෙසා සිනහව කෙතරම් වැදගත්ද යන්න පහත කරුණු ඇසුරෙන් ඔබ තේරුම් ගන්නවා ඇත.
සිනහවෙන් අපේ මනෝභාව වෙනස් කළ හැකියි කියන කාරණය සමග ඔබ එකඟද? එය ඇත්තකි. එය නිතැතින්ම සිදු වන්නකි.
සිනහ වීම තුළ අපගේ මනෝභාව වෙනස් වීමට පටන් ගැනේ. Cortisol, Endorphins නිදහස් වීම සිදු වේ. සිනහව තුළ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ බොහොමයකි.
1) හඬ නගා සිනහ වීමෙන් රුධිර පීඩනය අඩු කර ගැනීමට පුලුවනි.
2) විඳ දරා ගැනීමේ ශක්තිය වැඩි දියුණු කර ගත හැකියි.
3) ඔබ කිසියම් වේදනාවක පසු වේ නම් එම ගතිය බොහෝ දුරට අවම කරගත හැකිවේ.
4) ආතතිකාරී අවස්ථාවක් නම් ආතතිය දුරු වේ
5) ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිය වැඩි දියුණු වේ
6) ඔබේ මුහුණ අලංකාර කෙරේ.
7) අවට සිටින මිනිසුන්ගේ ප්‍රතිචාරය වෙනස් කිරීමට එකම එක සිනහවකට හැකි බව ඔබ දන්නවාද?
8) තාරුණ්‍යය රැක ගැනීමට ඇති හොඳම අවස්ථාව සිනහවයි.
ඉහත ප්‍රතිලාභ සියල්ලම සිනහව තුළ රැඳී ඇත. නිරෝගීකම ගිලිහී යාමට ඉඩ නොතබන අපි ඒ උදෙසා යම් යම් බෙහෙත් හේත් පවා අධික මිල ගණන් ලබා දී බාහිරෙන් ලබා ගනී. ඒත් සිනහවකට එබඳු වැයවීම් නැත. ඇත්තේ උත්සාහයක් පමණි.
එබැවින් සමාජය ඉදිරියේ ප්‍රසන්න පුද්ගලයකු ලෙස හැසිරීමේ වගකීම ඇත්තේද ඔබ භාරයේ බව මතක තබා ගන්න. නිරෝගීකමත් , අලංකාරයත් එකවිට ලබා දෙන සිනහවකට මෙතරම් දුර යා හැකි බව ඔබ මොහොතකටවත් සිතුවාද?
-සටහන- මාධවී ධර්මරත්න
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිනා වීමේ වැදගත්කම