IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


දරුවන්ට උපතේදී ඇතිවන මුඛය හා මුහුණ ආශ්‍රිත අසමානතා

බෙදුණ තොල සහ තල්ල ( cleft lip and palate)

විවාහයෙන් පසු බොහෝ දෙනකුගේ ඊළඟ සිහිනය නිරෝගී දරු සම්පතකි. ඒත් සුළු පිරිසකගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු නොවී ඇතැම් බිළිඳු දරුවෝ විවිධ රෝගාබාධ සහ කායික මානසික අසමානතා කරපින්නා ගෙන විශේෂ අවශ්‍යතා සහිතව උපත ලබති. ඒ අතර බෙදුන තොල සහ තල්ල සහිත දරුවන් ඉපදීමද උපතේදී ඇතිවන විශේෂ අසමානතාවකි.

මෙය මුහුණ හා මුඛය ආශ්‍රිත තත්ත්වයක් නිසා මවුපියන් සේම පසුකාලීනව දරුවාද විශාල වශයෙන් සාමාජීය හා මානසික ගැටලුවලට මුහුණ දේ. ජීවී උපත් 1000ට 1ක් ලෙස මෙම අසමානතා ඇති දරුවෝ උපදිති. මෙම තත්ත්වයට තුඩු දෙන හේතු කාරණා සංකීර්ණ නමුත් පහත දැක්වෙන හේතුද දැක්විය හැකියි.

♦ ජානමය සබඳතා

♦ ගර්භනී කාලයේදී මවට තිබූ විටමින් ඌනතා

♦ මව මත් ද්‍රව්‍ය හා දුම්වැටි භාවිත කිරීම

♦ මවුපියන් වයසින් බොහෝ වැඩිමල් වීම

♦ මවු කුස තුළදී කළලය විවිධ රසායන ද්‍රව්‍යවලට නිරාවරණය වීම

♦ වෙනත් සින්ඩ්‍රෝමයක් සහිත දරුවන්

දරුවන්ගේ ලක්ෂණ

බෙදුණු තොල පමණක් සම්පූර්ණ මෙන්ම අසම්පූර්ණ දරුවන්, එක පැත්තක බෙදුණ තොල සහ තල්ල දක්නට ඇති මෙන්ම දෙපැත්තම එයාකාරයට දක්නට ලැබෙන දරුවෝද සිටිති. බෙදුණ තල්ල පමණක් සම්පූර්ණ මෙන්ම අසම්පූර්ණ දරුවෝද වෙති.

උපතට පෙර හඳුනා ගැනීම

මුහුණේ තොල තල්ල ඇතුළු කොටස් ගර්භනී සමයේ මුල් මාස 03 තුළදී වර්ධනය සම්පූර්ණ කරයි. බොහෝ විට උපතට පෙර සිදු කරන ස්කෑන් පරීක්ෂණවලදී මෙය හඳුනා ගත හැකිවේ. පරීක්ෂණය සිදු කරන අතරතුරදී මවුකුස තුළ දරුවා සිටින ආකාරය අනුවද එය හඳුනා ගැනීම අපහසු වීමට ඉඩ ඇත.

කුස තුළදීම මෙම තත්ත්වය හඳුනා ගැනීමට හැකි වුවහොත් දරුවාගේ මවුපියන්හට දරුවා පිළිගැනීමට මානසික හා කායිකවද දැනුම අතින්ද සූදානම් වීමට කාලයක් ලැබේ.

උපතේදී හඳුනා ගැනීම

තොල ආශ්‍රිත ගැටලුව පහසුවෙන්ම හඳුනා ගත හැකියි.තල්ල ආශ්‍රිත ගැටලුවද බොහෝවිට උපතේදීම හඳුනා ගැනෙනුයේ දරුවා බිහිවූ විගසම බොහෝවිට වෛද්‍ය පරීක්ෂාවට ලක්වන හෙයිනි. එහෙත් තල්ලේ පිටුපසට වන්නට පමණක් ඇති අසම්පූර්ණ බෙදුණු තල්ල හඳුනා ගැනීම ප්‍රමාද වීමටද ඉඩ ඇත.එබැවින් දරුවා බිහිවූ පසු විශේෂයෙන්ම දරුවා අඬන විටෙකදී තල්ල මනාව පරීක්ෂා කොට බැලීම සුදුසු වේ.

හඳුනා ගැනීම විශේෂිත විය යුතු ඇයි?

අලුත උපන් බිළිඳාට මාස 06ක් යන තුරුම ප්‍රධාන ආහාරය වනුයේ මවුකිරියි. නියමාකාරයෙන් මවුකිරි උරා බීමට දරුවාට හැකි වනුයේ තොලෙහි , තල්ලෙහි සහ දිවෙහි මනා ක්‍රියාකාරීත්වය නිසාවෙනි. මෙවැනි දරුවන්ගේ තොල සහ තල්ලේ පිහිටීම අසමාන හෙයින් සාමාන්‍ය දරුවකුට වඩා කිරි උරා බීමෙහි අපහසුතා හා වෙනස්කම් පවතී. ඒත් වැදගත්ම කරුණ වන්නේ මෙම අසමානතාව සහිත දරුවන්ගෙන් වැඩි පිරිසකටම මවගේ පියයුරෙන් කිරි උරා බීමට ඇති හැකියාවයි. එබැවින් ළඟම රෝහල්වල පිහිටි මවුකිරි කළමනාකරණ ඒකකයේ සෞඛ්‍ය කණ්ඩායම්වල උපදෙස් ලබා ගෙන එය හුරු කර ගැනීමට උනන්දු වීම ඉතා වැදගත්ය. කොළඹ ළමා රෝහලේ මේ සඳහාම විශේෂ පුහුණුව ලැබූ හෙදියන් මෙන්ම සායනද පැවැත්වේ. කිරි පෙවීමේදී දරුවාට කිරි පිට උගුරේ යාම වැලැක්වීමේ සිට දරුවා අල්වා ගත යුතු නිවැරැදි ඉරියව්ව පවා ඉහත සායන හරහා මවුවරුන්ට ක්‍රමානුකූලව උපදෙස් ලබා දේ.

දරුවන්ගේ බුද්ධි වර්ධනය

තොල හා තල්ලේ අසමානතාව සහිත විශේෂිත දරුවන්ගේ බුද්ධි හා මානසික වර්ධනය සින්ඩ්‍රෝම ආශ්‍රිත තත්ත්වයක් නොවේ නම් සෑම විටෙකම පාහේ සාමාන්‍ය පරිදි වේ. එබැවින් නිසි කලට වෛද්‍ය ප්‍රතිකාර ලදහොත් මෙකී දරුවන් සාමාන්‍ය පුද්ගලයන් ලෙස සමාජයට දායාද කළ හැකි වේ. මෙම ප්‍රතිකාර ක්‍රියාවලිය සඳහා අංශ ගණනාවකගේම වෛද්‍යවරුන් සහ සහකාරක අතුරු වෛද්‍ය සේවාවන්ගේ සහාය අවශ්‍ය වේ. දරුවාගේ විවිධ වයස් කාණ්ඩ අනුව එද වෛද්‍ය කණ්ඩායම් සියල්ලම ප්‍රතිකාර සඳහා සහභාගී විය යුතු වේ.

රෝග විනිශ්චය නිවැරැදි වීමට නම්

උපතේදීම නිසි අයුරින් තල්ල පරීක්ෂා කර බැලීම.

මෙය දරුවා උපන් මොහොතේදීම වෛද්‍යවරු විසින් දරුවාව පරීක්ෂා කර බලනු ලැබේ.

දරුවාට සාමාන්‍ය පරිදි මවගේ පියයුරෙන් කිරි උරා බීමට හැකියාව ඇත්නම් ඊට ඉඩ සලසා දීම ඉතාම වැදගත්ය. ඉන්පසු අවශ්‍ය නම් දොවාගත් මවුකිරි හෝ ළදරු කිරි පිටි වෛද්‍ය උපදෙස් අනුව ලබා දිය හැකියි.

ඇතැම් දරුවන්ට මවගේ පියයුරෙන් කිරි උරා බීමට නොහැකියි. එවිට ඒ සඳහා විශේෂිත බෝතල් , සූප්පු භාවිත කෙරේ.

තවත් සුළු පිරිසකට බොහෝ විට වෙනත් රෝගී තත්ත්ව ඇති දරුවන්ට නාසයට ඇතුල් කරන ලද බටයක් මගින්ද කිරි ලබාදේ. නිසි පළපුරුද්ද ලත් මවුකිරි කළමනාකරණ ඒකක හා වෛද්‍ය කණ්ඩායම්වල මඟ පෙන්වීම යටතේ උපදෙස් ගත් විට නියමිත පරිදි දරුවාගේ බර වැඩි වෙමින් වර්ධනය වේ. එය ඉදිරි සැත්කම් සඳහා ඉතාම වැදගත්ය.

මෙකී දරුවන්ට ඇතැම් ශ්‍රවණ ආබාධ සහ හෘදය සම්බන්ධ ගැටලුද ඇති විය හැකි බැවින් ඒ ගැනද කල්පනාකාරී විය යුතු වේ.

දරුවාට වයස මාස - 03

තොලේ සැත්කම කරන කාලවකවානුවයි. ඒ සඳහා දරුවා නිර්වින්දනය කිරීමට සුදුසු තත්ත්වයේ පසුවිය යුතුයි.

මාස -09

මෙය තල්ලේ සැත්කම සිදුකරන කාලයයි. දරුවා කථනය අරඹන ආසන්න කාලය මෙය නිසා නිසි කලට සැත්කම සිදු කිරීම මගින් නාසික ශබ්ද අවම කර සාමාන්‍ය කට හඬක් ලබා ගැනීමට පුළුවනි.

ඉන්පසු ඉතාම වැදගත් මීළඟ පියවර වනුයේ දරුවාව භාෂා හා කථන පුහුණු කිරීමේ චිකිත්සකවරයකු යටතේ නිවැරැදිව කථනය පුහුණු කරවා ගැනීමයි. මෙමගින් බොහෝදුරට සාමාන්‍ය කටහඬක් දරුවාට ලැබේ. එමගින් නාසික ශබ්දයක් සහිත කටහඬක් ඇති වීම අවම වීම හෝ සම්පූර්ණයෙන්ම වලක්වා ගැනීමට හැකිය. එය දරුවාගේ පෞර්ෂත්වය ඉහළ නැංවීමට හේතු වනු ඇත.

ඉහතින් දැක්වූ දරුවන් අතුරින් ඇතැම් දරුවන්ගේ බෙදුණු විදුරුමසක්ද දැකිය හැකියි. එවැනි දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු තවත් ඉදිරියට කරගෙන යා යුතුය.

වයස අවුරුදු 09දී

මෙම කාල වකවානුවේදී විදුරුමස බෙදුණ ස්ථානයේ අස්ථි බද්ධය සිදු කෙරේ. එය සිදු කරනුයේ මුඛ, මුහුණ හා හණු පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකුගේ පූර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේදීය. මෙහිදී විකෘති වී , ඇද වී ඇති දත් පිළිවෙළින් සකසා ගැනීම සඳහා විකලාංග දන්ත ප්‍රතිකාර ලබා දීම ඇරැඹේ.

ඒ සඳහා දරුවාගේ කිරිදත්, ස්ථිර දත් දිරා යාමට නොදී ආරක්ෂා කර ගැනීම අවශ්‍ය නිසා මවුපියන් ඒ ගැනද අවධානයකින් ක්‍රියා කළ යුතු වේ.

දරුවාගේ මුඛයෙහි මුල්ම කිරිදත් මතුවන දිනයේ සිටම නිවැරැදිව ළමා දත් බුරුසුවකට දරුවා හුරු කිරීම හොඳම ක්‍රමයයි. දරුවන් සඳහා වූ මෘදු කෙඳි සහිත බුරුසුවකින් තුනී පටලයක් පමණ වූ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දිනකට දෙවරක් දත් මැදීමට දරුවා හුරු කළ හැකිය. 

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

දරුවන්ට උපතේදී ඇතිවන මුඛය හා මුහුණ ආශ්‍රිත අසමානතා

wishwa Friday, 13 January 2023 06:26 PM

සිගරට්, බීඩි, සුරුට්ටු බහුල විට... කුඩු, කසිප්පු, ගංජා... මේ දේවල් යම් කෙනෙක් ලිංගික සංසරණයට පෙර භාවිතයට අරගෙන තිබුණොත්... ස්වරූපය වගේම මානසික අංගවිකල දරුවන් ලැබෙනවා නියතයි... නිදුක් නිරෝගි අනාගත පරපුරක් බිහිකිරීමට නම් මේ දේවල් අනාගතයේ අම්මලා, තාත්තලා වෙන්න ඉන්න දරුවන්ට කියලා දෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27954 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18185 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10884 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 656 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 853 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site