කොවිඩ් වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට රටපුරා සීඝ්‍ර පැතිර යාමක් සිදුවෙමින් පවතී.ඒ දිනෙන් දින ආසාදිත ලැයිස්තුවට වාර්තාවෙන තුන්දහස ඉක්මවූ රෝගීන්ගෙන් සහ මරණ ප්‍රතිශතය අලුත් වෙමින් 150ට අධිකව ගොඩ ගැසෙන කොරෝනා මරණත් සමගිනි.
රෝහල් කිහිපයකම ධාරිතා මට්ටම පසුකර ඇති මෙවන් මොහොතක කෙසේ හෝ තත්ත්වය මර්දනය උදෙසා දිවා රෑ නොබලා වෙහෙස වීමට සෞඛ්‍ය අංශවලට සිදුව ඇත.
කොවිඩ් ආසාදිත පුද්ගලයින් හට රෝහල් තුළ ප්‍රතිකාර කිරීමට සමගාමීව රෝග ලක්ෂණ නොදක්වන හා සුළු රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් හට තම නිවසෙහි ම රැඳී ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වැඩපිළිවෙළක්ද ඉකුත් සතියේ සිට ක්‍රියාත්මක කෙරිණි.
නිවසේ රැඳී ප්‍රතිකාර ලැබීමේ දී රෝග ලක්ෂණ උත්සන්න වීම කලින්ම හඳුනා ගැනීම, ඉතා වැදගත් කරුණකි. විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසුව, හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ හතියක් ඇතිවීම මෙහි දී, වහාම රෝහල්ගත වීමට හේතුවක් සේ සැලකේ. එමෙන්ම රුධිරයේ ඔක්සිජන් මට්ටම, විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසු 96% කට වඩා, අඩු වේ නම්, එයත් තව දුරටත් නිවසේ රැඳී සිටීමට සුදුසු තත්ත්වයක් නොවේ.
යම්කිසි කෙනෙක් නිවෙස් ගත කොවිඩ්-19 ප්‍රතිකාර සම්බන්ධීකරණ පද්ධතියෙහි ලියාපදිංචි වීමෙන් පසුව මෙවන් තත්ත්වයක් ඇති වුවහොත් වහාම අදාල වෛද්‍ය කණ්ඩායමට දැනුම් දිය යුතුයි. ඉන්පසුව එම වෛද්‍ය කණ්ඩායම විසින් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම රෝගියා වහාම රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු යොදනු ලැබේ.
එසේ රෝහලකට ඇතුල් කිරීම සම්බන්ධීකරණය කිරීමට ගත වන කාලය ඇතුළත හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින්නේ නම් රෝගියා හට පහත ආකාරයට ඉරියව් වෙනස් කිරීමෙන් එම හුස්ම ගැනීමේ අපහසුතාව යම් දුරකට අවම කර ගත හැකියි.
ඒ අනුව සෑම පැය 2 කට වරක් ම...,
⦾ විනාඩි 20-30 මුනින් අතට ද, ( ගර්භනී කාන්තාවන් හා ස්ථුල පුද්ගලයන් විසින් මෙම ඉරියව්ව මග හැරිය යුතු වේ)
⦾ විනාඩි 20-30 දකුණු ඇලයට ද,
⦾ විනාඩි 20-30 වාඩි වී ද,
⦾ විනාඩි 20-30 වම් ඇලයට ද , ස්ථානගත වීමෙන් මෙම අපහසුතාව අවම කර ගත හැකි වනු ඇත.
මෙය ලොව පුරා කොවිඩ් - 19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළෙන රෝගීන් සඳහා භාවිත වන , ස්වසන අපහසුතාව අවම කරගැනීමට උපකාරී වන එක් සරල ක්‍රමෝපායකි.
එහෙත් මෙහිදී වඩාත්ම අවධාරණය කළ යුතු සහ මතක තබා ගත යුතු වැදගත් කාරණය වන්නේ, හැකි ඉක්මනින් ම වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් ලැබෙන උපදෙස්වලට අනුකූල වෙමින් රෝහල් ගත වීමට කටයුතු කිරීමයි.
රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වයිරසයෙන් ගැලවී, එම රෝග ආසාදනය නිසා සිදුවන විවිධ අපහසුතාවලින් මිදීමට ඔබ මේ අවස්ථාවේ ගත යුතු වඩාත්ම වැදගත් පියවර වන්නේ සියලු අනවශ්‍ය ගමන් බිමන් හා හමුවීම් වහාම නවතා නිවසට වී සුරැකිව සිටීමයි. මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය පුරාවට පුරවැසියන් ලෙස අපේ වගකීම පිළිබඳ සැලකිලිමත් වුවහොත් සැමටම සුබදායී කාලයක් යළිඳු උදාවනු ඇත.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිනි)
-සටහන- මාධවී ධර්මරත්න.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කොවිඩ් රෝගියකුට හුස්ම ගැනීම පහසු කිරීමේ නිවැරැදි ඉරියව්