IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිසි පමණට ලුණු යොදමු

බොහෝවිට ආහරවල රසය වැඩි කිරීම සඳහා ලුණු අත්‍යවශ්‍යවේ. ඇතමකු ලුණු මඳ පමණ ආහාරයට එකතු කර ගනිද්දී තවත් කෙනකු ලුණු වැඩිපුර භාවිත කරන අයුරු දැකිය හැකියි.

ලුණු අඩු වීමත් වැඩි වීමත් අපට අහිතකර ප්‍රතිඵල ගෙනදෙන බව ඔබ දන්නවාද? මේ ඒ පිළිබඳ දැනුම්වත් කිරීමකි.

සිරුරට ලුණු අවශ්‍ය ඇයි?

ඇඟට සෝඩියම්වල අවශ්‍යතාවක් පවතින අතර එකී සංඝටකය නොමැතිව ජීවත් විය නොහැකිය. ස්නායු ආවේග සම්ප්‍රේෂණයට සේම හෘදයේ සහ රුධිර නාලවල පැවැත්මටද අවැසි සංඝටකයකි. එහෙත් දෛනිකව ලුණු අවශ්‍ය කෙරෙන නියමිත ප්‍රමාණයක් ඇත. එය වැඩිහිටියකු උදෙසා දවසකට ග්‍රෑම් 05ක් තරම් සුළු ප්‍රමාණයකි. එනම් කපාපු තේ හැන්දකි.

ලුණු අඩුවෙන් එකතු කිරීමේ ඵල විපාක

ඇතැමෙකු ආහාරවල අධිකව සංතෘප්ත මේදය අඩංගුව තිබියදීම ලුණු එක්කහසු කර ගනී. ඒ ප්‍රමාණය නිසි පරිමාව තෙක් අඩු කර ගත හැකි නම් ශරීර බර අඩු කර ගත හැකියි. හෘදයාබාධවලින් වැලකිය හැකියි. ආඝාතය, දියවැඩියාව, නිදන්ගත වකුගඩු අමාරු ,පිළිකා වැනි රෝගී තත්ත්ව ආදියෙන් වැලකිය හැකියි.

ලුණු වැඩි වීමේ අහිතකර බලපෑම්

සිරුර නියමිත ලුණු ප්‍රතිශතය ඉක්මවා ගොස් ඇති බව දනවන ඉඟි කිහිපයකි. මාංශ පේශීවල කැක්කුම, ඔක්කාරය, කරකැවිල්ල, කල් යද්දී කෝමා තත්ත්වයට වුවද පත්විය හැකිය.

ලුණු අඩු කිරීමේ ක්‍රම

"Processed Food” වැනි කල්තබා ගන්නා ආහාරවල කොහොමත් ලුණු ප්‍රතිශතය අධික වේ. එවැනි ආහාර අවම කිරීම හෝ මඟ හැර යාම සුදුසුවේ. බීම වර්ග සැකසීමේදීද රසය වැඩි කරනු වස් ලුණු අධිකව යෙදීම දැකිය හැකියි. එසේම ආහාර ගැඹුරු තෙලේ බදින විටත් තෙල් යොදා තෙම්පරාදු කිරීමෙදිත් ලුණු වැඩිපුර එක් කර ගැනේ. එවැනි අවස්ථාවලදී ලුණු මඳ ප්‍රමාණයට එකතු කර ගැනීමට මතක තබා ගන්න.

තවද එකවර සම්පූර්ණයෙන්ම ලුණු භාවිතයෙන් ඉවත් වීමද, අඩු කිරීමද සුදුසු නොවේ. එවිට රුධිරයේ සෝඩියම් අධිකව පහළ ගොස් ඔබ රෝගී වීමට ඉඩ ඇත.

ගුණාත්මක නොවන ආහාර භාවිතයෙන් ඉවත් වීම, කරකළ ආහාර ,බයිට්ස් වර්ග වැනි තෙල් අධිකව යොදමින් සැකසූ ආහාර දිගුකල් භාවිතය අත් හැරීම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට මඟ පාදයි. සිරුරට ලුණු අඩු බව අඟවන සංඥාද ඇත. වමනය , ඔක්කාරය, ඔලුව කරකැවිල්ල, මස් පිඩු පෙරළීම,සිහි මඳ ගතිය සඳහන් කළ හැකිය. එබැවින් ලුණු අඩු කරනවා නම් එය තරම දැනගෙන කිරීම නුවණට හුරුය.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

නිසි පමණට ලුණු යොදමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 973 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site