IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’’අත් පා මුඛ රෝගයෙන්’’ කුඩා දරුවන් රැකගමු

කුඩා දරුවන් අතර මේ දිනවලදී  ‘ Hand foot mouth Disease ‘ හෙවත් ‘ අත් පා මුඛ රෝගය ‘ වේගයෙන් පැතිර යමින් පවතී.

පෙර පාසල් වියේ පසුවන දරුවන් සහ පාසල් දරුවන් අතර වැඩිපුරම ව්‍යාප්තව යන මෙය කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් ළමා රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයට පමණක් රෝගය සීමා නොවන අතර ඉදිරියේදී රටේ අනෙකුත් දිස්ත්‍රික්කවලටද අවදානම එක හා සමානව පවතිනු ඇත. අත් පා මුඛ රෝගය විශේෂයෙන්ම වයිරස් උණ රෝගී තත්ත්වයක් නිසාවෙන් ව්‍යාප්තියේ දැඩි බවක් පෙන්වා ඇත.

රෝගයේ ස්වාභාවය

‘ Coxakie ‘ නම් වයිරසය ආසාදනය වීමෙන් මෙම රෝගය වැළඳේ. රෝගය ආසාදනය වූ පසු දරුවාගේ අත්, කකුල් සහ කටේ රතු පැහැති බිබිලි දදයක් ආකාරයෙන් හට ගැනේ. මුඛය ඇතුළේද මෙම තත්ත්වය ඇතිවිය හැකි අතර එහිදී දරුවාට ආහාර ගැනීම අපහසු වනු ඇත.

මීට අමතරව සුදු පැහැති වතුර පිරුණු බිබිලිද අත් ,කකුල් සහ තට්ටම් ප්‍රදේශයේද ඇති විය හැකියි. ඉතාමත් ලෙහෙසියෙන් මෙම රෝගය රෝගී දරුවකුගෙන් තවත් දරුවකුට බෝ වීමට පුළුවන.

මාස 6 සිට අවුරුදු 7 -8 දක්වා වන වයස් කාණ්ඩවල පසුවන දරුවන් අතර රෝගී තත්ත්වය ඉතාම පහසුවෙන් ව්‍යාප්ත වී යන ආකාරයක් පැහැදිලිවම පෙනී යයි. ඉහත රෝගී ලක්ෂණ ඇති දරුවකුගේ සමෙහි තවත් දරුවකු ස්පර්ශ වුවහොත් රෝගය බෝවීමේ හැකියාවක් ඇත.

අත් පා මුඛ රෝගය මාරාන්තික නොවන අතර දින 03ක් 04ක් ඇතුළතදී සුව වී යනු ඇත. වඩාත් අවශ්‍ය වන්නේ රෝගය අන් දරුවන් කරා බෝ වීම වලක්වා ගැනීමයි.

බෝ වීම වලක්වා ගැනීමට කළ යුතු දෑ

ඉහත රෝග ලක්ෂණ සහිත දරුවකු ඇත්නම් පාසල්, පෙරපාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයවා නිවසෙහි රඳවා තබා ගන්න. එවිට තවත් දරුවකුට රෝගය බෝවීමට ඇති අවස්ථාව ඇහිරේ. නිවසෙහි සිටින දරුවකු රෝගයෙන් පෙළේ නම් සෙසු දරුවන්ගෙන් රෝගියාව ඈත් කොට තබන්න. සුදුසු ආහාර පාන නිසි අයුරින් ලබා දී රෝගියාට ඇඳ විවේකය ලබා දීම උචිතය.

දදයක් ආකාරයට බිබිලි සිරුර පුරා පැතිරී යාම වැලැක්වීමට බිබිලක් දෙකක් මතුවන විටදිම දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වන්න.

තම දරුවා පෙර පාසල් හෝ පාසලට ගොස් පැමිණි වහාම හොඳින් පිරිසුදු වී පැමිණීමට ඔහුට උපදෙස් ලබා දෙන්න. දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රැඳී සිටිනා දරුවන්ගේ පෞදගලික පරිහරණයට ඇති දේවල් අනෙකුත් දරුවන් සමග හුවමාරු කර ගැනීමෙන් වැලකීම සුදුසු වේ.

ප්‍රතිකාර

දදයක් ආකාරයට සුදු පැහැ වතුර පිරුණු බිබිලි හෝ රතු පැහැති ලබ ඇති විම මූලික ලක්ෂණයයි. එහෙත් මේ ඇති වන බිබිලි පැපොල රෝගය හේතුවෙන් හටගත් බිබිලිද නැත්නම් වෙනත් රෝගයක් නිසාවෙන් හට ගත්තාද යන්න නිවැරැදිව තහවුරු කර ගැනීමක් අවශ්‍ය වේ. එනිසා දරුවාගේ සැක සහිත රෝග ලක්ෂණ ඇත්නම් කල් නොයවා වෛද්‍ය උපදෙස් සඳහා ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. සාමාන්‍යයෙන් අත් පැ මුඛ රෝගයේදීද පැරසිටමෝල් පැය 6න් 6ට ලබා දීමද සිදුවේ.

රෝගී දරුවාගේ පෝෂණය

දරුවාගේ මුඛය ඇතුළත රතු පැහැති ලප හටගෙන ඇත්නම් එබඳු දරුවන්ට ආහාර ගැනීම තරමක් අපහසු විය හැකියි. එවිට මඳක් සිසිල් කළ ආහාර පිළිගැන්වීම සුදුසුය. අනෙක් රෝගී දරුවන්ට සාමාන්‍ය පරිදි ආහාර ලබා දීම සිදු කළ හැකියි. දියර ජාති ලබා දීමේදී ස්වාභාවික පාන වර්ග පමණක් ලබා දීමට උනන්දු වන්න.

නියපොතු හැළීම අතුරු ආබාධයක්ද?

අත් පා මුඛ රෝගයට ගොදුරුව සුව වූ පසු සමහර දරුවන්ගේ නියපොතු හැළී යනු දක්නට ලැබේ. මේ තත්ත්වය වලක්වා ගැනීමට සින්ක් අඩංගු සිරප් වර්ගයක් හෝ සින්ක් ඇතුළත් ආහාර පාන ලබා දීම සුදුසුය. මෙහිදී විශේෂයෙන්ම පැළවී එන මුං ඇටවල සින්ක් අඩංගු අතර එවැනි ආහාරද දරුවාට විටින් විට හඳුන්වා දෙන්න.

නිවැරැදි පෝෂණ රටාව , මනා විවේකය සහ සුවදායී මනස නිසා රෝගී තත්ත්වය ඉතා ඉක්මනින්ම පහව යනු ඇත. රෝගයක් මාරාන්තික නොවුණද සමාජයේ ඉක්මන් ව්‍යාප්තියට ඇති මං අහුරා තබමින් රෝග පාලනයකටද අපි හුරු විය යුත්තෙමු.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

’’අත් පා මුඛ රෝගයෙන්’’ කුඩා දරුවන් රැකගමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site