IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිරෝගී දිගුවන් වරලසක් සඳහා ඇති කරගත යුතු හොඳ පුරුදු

දිගු ,පිරිපුන් වරලසකට කාන්තාවන් සියලුම දෙනා කැමැතියි. එබඳු වරලසක් ස්ත්‍රීන්ගේ අලංකාරය වඩාත් ඔප්නංවන ආභරණයක් බඳුයි. කාලෙන් කාලෙට එන විලාසිතා අනුව හිසකෙස් කැපීම ලෙහෙසි  වුවද දිගු සේම ශක්තිමත්ව කොණ්ඩය පවත්වා ගැනීම ඔබ හිතන තරම් පහසු ⁣නොවනු ඇත.

ඒ හිසකෙස් බොහෝ සෙයින් ගැලවී යාම, කොණ්ඩය වැවෙන්නේ නැති වීම, තට්ටය පෑදීම සේම අකලට කෙස් පැසීම වැනි ගැටලු රැසකටම අද කාන්තා පිරිමි දෙපාර්ශ්වයම ගොදුරුව ඇති බැවිනි. මේ තත්ත්ව මඟ හරවා ගනු වස් බාහිර ආලේපන, සත්කාර සේම අභ්‍යන්තර පෝෂණයද ඉතා අවශ්‍යයි. අද හොඳ පුරුදු තීරයෙන් මේ ගැන කතා කරමු. 

01)  නිතිපතා හිස කෙස් සෝදන්න.

තමාගේ හිස කුණු, දූවිලි, උකුණන් සහ ඉස්හොරිවලින් තොර විය යුතුයි. ඒ සඳහා දිනපතා ස්නානය කළ යුතු වේ.

02)  හිසකෙස් ස්වාභාවය අනුව වර්ගය තෝරා ගන්න. 

ඔබට ඇත්තේ සාමාන්‍ය හිසකෙස්ද ,වියළි හිස කෙස්ද යන්න ⁣දැනුම්වත්ව හිඳිය යුතුවේ.

03)  හිසකෙස් වර්ගය අනුව සේදුම්කාරක  ( ෂැම්පුු සහ කන්ඩිෂනර්)  තෝරාගන්න.

සේදුම්කාරක මගින් හිස කෙස්වල සහ හිස්කබලේ පවිත්‍රතාව මිස කොණ්ඩය වර්ධනය නොකෙරේ. දිනපතා ස්නානය කළද ඒ හැමවිටෙකම සේදුම්කාරක යොදා නොගත යුතු අතර සතියකට දෙවතාවක් තෙවතාවක් සුළු ප්‍රමාණයක් යොදා ගැනීම ප්‍රමාණවත්ය. සේදුම්කාරක මුළුමනින්ම හිසෙන් ඉවත්ව යනතෙක් සෝදා හැරීමටත් අමතක නොකළ යුතුයි.

04)  තෙත හිසකෙස් ස්වාභාවිකව වියැළීමට ඉඩ හරින්න.

හිස⁣කෙස් තෙත මාත්තු කළ පසු විදුලි වියළනය යොදා නිතරම වේලීම නොකළ යුතුයි. 

05)  තෙත හිසකෙස් පීරීමෙන් වළකින්න.

තෙත හිසකේ පීරීමෙන් කෙස් ගස මඟදි කැඩී යාමටත්, හැළී යාමටත් පටන් ගැනේ.

06)  හිසකෙස් පීරීමේ නිවැරැදිම ක්‍රමය

කොණ්ඩය හොඳින් වේළුනු පසුව දැති ලොකු පනාවක් භාවිතයෙන් පීරීම සිදු කරන්න. ඒ උඩ සිට පහළට නොව කොන්ඩය තීරුවලට බෙදමින්    ක්‍රම ක්‍රමයෙන් යට සිට උඩු අතටය. 

07)  හිසට බාහිර පෝෂණීය සත්කාරත් අවශ්‍යයි.

හිසට තෙල් යොදා ගැනීමේදී ස්වාභාවික තෙල් වර්ගයක් යොදා ගැනීම උචිතය. හිස කෙස්වල සේම හිස්කබලේද තෙල් ගා ඇඟිලි තුඩු යොදා ගනිමින් මෘදුව විනාඩි කිහිපයක් සම්භාහනය කළ යුතුවේ. 

08)  දිනපතා හොඳින් වතුර පානය කරන්න. ඒ සමඟම ආහාර වේලත් පෝෂණීයව ගන්න.

කොළ පැහැති එලවුළු, පලා වර්ග, නැවුම් පලතුරු, සේම කැඳ වර්ගද ආහාරයට එකතු කරගැනීමෙන් ඔබට ආහාර අතර විවිධත්වයක්ද ඇති කරගත හැකි වේ. මාළු, බිත්තර, බතල වැනි ආහාරත් එකතු කර ගන්න. 

09)  හිස පීඩාකාරී සාධකවලින් නිරතුරුවම මුදවා තබා ගන්න.

අධික අව් රශ්මිය , විකිරණ දැඩි උෂ්ණත්වය ආදියෙන් ඔබේ ඔළුව රැක ගන්න. අව්වට යාමට පෙර තොප්පියක් ,ස්කාෆ් එකක් හෝ කුඩයකින් හිස හොඳින් ආවරණය කර ගත හැකියි. 

10)  ආතතියෙන් නිදහස් වෙන්න.

අනවශ්‍ය ප්‍රශ්න, කරදර ගැන ලතවෙමින් නොසිට ප්‍රබෝධවත්ව දවස  අරඹන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

නිරෝගී දිගුවන් වරලසක් සඳහා ඇති කරගත යුතු හොඳ පුරුදු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site