IMG-LOGO

හොරොව්පොතාන සහ කැබිතිගොල්ලෑව නාවික සෙබළු 13 ක් නිරෝධායනයට

 පැතුම් දර්ශන

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට කැබිතිගොල්ලෑව සහ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පැමිණි නාවික සෙබළු දහතුන් දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සියලු දෙනාම නිරෝධායනයට ලක් කර තිබේ.

ඒ අනුව කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවික සෙබළු නවදෙනකු (09) සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නිරෝධායනයට ලක් කර ඇති අතර ඉන් දෙදෙනෙකු පමණක් පී.සී.ආර්. පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමුකර ඇත.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පැමිණි නාවික සෙබළු හතර දෙනෙකු(04) සහ පවුල්වල සාමාජිකයන්ද නිරෝධනයට ලක්කර ඇති අතර ඉන් එක් අයෙකු ඊයේ (24) සවස පී.සී.ආර්. පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යවා ඇති අතර අනෙක් තිදෙනාද අද (25)පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිතය.



අදහස් (0)

හොරොව්පොතාන සහ කැබිතිගොල්ලෑව නාවික සෙබළු 13 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 709 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 292 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site