IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


හුදෙකලා කර ඇති කොටියාගල වතු යායෙන් තවත් අසාදිතයින් 35 ක්

(රංජිත් රාජපක්ෂ )

හුදකලා කර ඇති බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතු යායේ පහල කොටසේ සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා 115 කින් නව අසාදිතයන් 35 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

එම වතු යායෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් විශාල පිරිසක් හමුවිම නිසා එම වතු යාය හුදකලා කර  සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

කොටියාගල වතු යායේ පහල කොටසේ වතු කම්කරුවන් එම වතු යාය හුදකලා කිරිමට ප්‍රථම රු දහසේ වැටුප් ගැටළුවක් මුලික කර ගනිමින් එම වතු යායේ තේ කර්මාන්ත ශාලාවට පිවිසෙන මාර්ගය ඉදිරිපිට පසුගිය දා සත්‍යග්‍රහයකද නිරත වු අතර , එම සත්‍යග්‍රහය විසුරුවා හැරිමට බගවන්තලාව පොලිසිය කටයුතු කර තිබුණි.

නව අසාදිතයන් අතර වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් බවත්,තවත් අසාදිතයන් 09 දෙනෙකු බගවන්තලාව චැපල්ටන් ,ටිලරි , ලින්ස්ටඩ් සහ බගවන්තලාව නගරයෙන් හමු වි ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

 



අදහස් (0)

හුදෙකලා කර ඇති කොටියාගල වතු යායෙන් තවත් අසාදිතයින් 35 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 28 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site