ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා
ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ආරච්චි කන්ද ප්‍රාදේශීය රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව දකුණු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
ඒ අනුව මෙම රෝහල ඇඳන් සියයකින් සමන්විත නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ.
මෙම කටයුත්ත කිරීමේ දී අවශ්‍ය ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ලබා ගැනීමට ද අදහස් කෙරේ.
අද (27) වනදා වන විට දකුණු පළාතේ ස්වයං නිරෝධානයට ලක් කර ඇති සංඛ්‍යාව 2100 බව ද අද වන විට දින 14 ක ස්වයං නිරෝධායනය අවසන් කර ඔවුන් ට ඒ බව සඳහන් සෞඛ්‍ය සහතික නිකුත් කළ ඇති සංඛ්‍යාව 1100 බව ද වෛද්‍ය චන්දිම සිරිතුංග පැවසීය.
මෙම කරුණු අනාවරණය වූයේ අද (27) දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ය.
මෙම සාකච්ඡාව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
888
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හික්කඩුව ආරච්චි කන්ද රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි