(රොමේෂ් මධුෂංඛ)
යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ස්විස්ටර්ලන්තයේ පූජකවරයාගේ දේව මෙහෙයට සහභාගී වූ බැතිමතෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් එම රෝගියා අයි.ඩී.එච්. රෝහලට මාරුකර යැවූ බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා කියා සිටියේය.
අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි ස්විස් කිතුනු පල්ලියක ස්විස්ටර්ලන්තයෙන් පැමිණි පූජකවරයකු විසින් පැවත්වූ දේව මෙහෙය වෙනුවෙන් වව්නියාව , මන්නාරම හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හි බැතිමතුන් 150 ක් පමණ සහභාගී සිට ඇති අතර දේව මෙහෙය පැවත්වූ පූජකවරයා නැවත එරටට ගිය පසු කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
අනතුරව එම පූජාවට සහභාගී වූවන් සොයා ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් පරික්ෂණ අරඹන කර ඇත.
කෙසේ වෙතත් මේ වන විට අදාල පූජාවට සහභාගී වූ පිරිසෙන් 40 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර ඉන් යාපනය ශික්ෂණ රෝහලට තිදෙනෙක් ද වව්නියාව මහරෝහලට 09 දෙනෙක්ද සිරුරේ ඇති වූ අසනීප හා උණ තත්වයන් හේතුවෙන් ඇතුළත් වි තිබේ.
එසේ යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් වූ රෝගීන් තිදෙනාගෙන් එක් අයෙකුට සිදුකරන ලද පරික්ෂණ වලදී කොරෝනා වයිරසය වැළඳී ඇති බවට තහවුරු වීම පසු එම රෝගයා අයි.ඩී.එච්. රෝහලට යවා තිබේ.
අනෙක් රෝගීන්ට වයිරසය ආසාදනය වී ඇත්දැයි යන්න පරික්ෂණ කටයුතු තවමත් සිදු කෙරෙන බවටද වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම් ඇදහීම මෙතැන් පටන් වත් නතරකර මනුෂ්‍යත්වයට මුල්තැන දී නීතිගරුකව ජිවත් වීම මෙම කොරෝනා වයිරසයෙන් අපට කියාදෙන පණිවිඩයයි.