IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සවුදි රජයෙන් පුද්ගලික අංශයට සෞදි රියාල් බිලියන 50ක්

කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් කඩාවැටුණු පුද්ගලික අංශය ශක්තිමත් කිරීම සඳහා සෞදි රියාල් බිලියන 50ක් හෙවත් ඇමෙරිකන් ඩොලර් 13.3ක් වෙන්කර ඇති බව සවුදි රජය පවසයි.

ඒ අනුව වාණිජ, කාර්මික හා කෘෂිකාර්මික කටයුතුවලට සමාගම්වලට විවිධ ආකාරයෙන් උපකාර කිරීමට රජය පියවර ගෙන ඇත.

කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් අර්බුදයට ලක්ව තිබෙන කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් සහ ආර්ථිකයේ අනිකුත් ක‍ොටස් ඉලක්ක කරගනිමින් සකස් කරන ලද මෙම සහන සැළසීමේ ව්‍යාපෘතිය සලමන් රජු විසින් බදාදා (15) අනුමත කර තිබේ.

එහි එක් පියවරක් ලෙස රජයට 51%ට වඩා කොටස් හිමි සමාගම් දේශීය වෙළෙඳ පොළට වැඩි සළකිල්ලක් දැක්විය යුතු බවත් එම සමාගම් රටේ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර කෙරෙහි වැඩි සැළකිල්ලක් දැකිවිය යුතු බව ද රජය ප්‍රකාශ කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් අප්‍රේල්, මැයි සහ ජුනි මාසවල කාර්මික හා වාණිජ අංශවල මාසික විදුලි බිල්පත්වලින් 50% ප්‍රමාණයක් ගෙවීමට 2021 වර්ෂයේ පළමු මාස හය දක්වා සහන කාලයක් ලබාදීමට ද සෞදි රජය පියවර ගෙන ඇත.

ඊට අමරතව අප්‍රේල්, මැයි මාස වල විදුලි බිල්පත් සඳහා සියයට 30ක වට්ටමක් ද ලබා දෙනු ඇත.
පොදු ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි වී ඇති ප්‍රවාහන ‍ක්ෂේත්‍රයේ ස්වාධීන සේවකයන්ගේ අවම වැටුප් ගෙවන බව ද සෞදි රජය නිවේදනය කර තිබේ. 

මුදල් අමාත්‍ය සහ වැඩබලන රාජ්‍ය අමාත්‍ය මොහොමද් බින් අබ්දුල්ලා අල්-ජදීන් පවසන්නේ පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සඳහා සහායවන අයටත් මේ සියලු සහන හිමි බවයි.

මේ සියලු සහන සැපයීම සඳහා සෞදි රියාල් බිලියන 70කට වඩා වැඩිමුදලක් වැයවනු ඇතැයි ගණනය කර ඇත. 
සෞදි අරාබියේ කොවිඩ් 19 රෝගීන් 5800ට වඩා වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර මරණ 79ක් සිදුව ඇත. පුද්ගලයන් 930ක් මේ වනවිට සුවය ලබා සිටියි. 

(085)
 



අදහස් (13)

සවුදි රජයෙන් පුද්ගලික අංශයට සෞදි රියාල් බිලියන 50ක්

hasan Thursday, 16 April 2020 01:54 PM

රතන කොහෙද දන්නේ නැහැ... මේවා අපිට එපා කියන්න බැරිද? කොන්ද පන තියන එකෙක් වගේ...

:       237       345

කියවල තේරුම් ගනින්Thursday, 16 April 2020 07:42 PM

ඔය සල්ලි ලංකාවට දෙනවා කියලා නෙමේ කියන්නේ. ඒ රටේ අයට දෙනවා කියලා.

:       1       9

මාදව Thursday, 16 April 2020 09:43 PM

ඔබ තුමාගෙ මානසික මට්ටම ගැන හිතාගතහැකි හරියට නිවුස් එක කියවල ඉන්න. මේක අපිට අදාල දෙයක් නෙවෙයි.

:       1       10

චින්තකFriday, 17 April 2020 03:59 AM

මේක ශ්‍රී ලන්කාවට හම්බ වුණ එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. කල්පනාවෙන් කියවන්න...

:       0       1

AsankaFriday, 17 April 2020 04:41 AM

ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා. මේ සල්ලි දෙන්නේ ලංකාවට නෙවේ.

:       0       1

SumedaFriday, 17 April 2020 07:46 AM

ඔබලා වගේ අයටනේ අපි මේකේ අදහස් දාන්නේ.අපරාදේ අපි මේවා කියවලා නිකන් අපේ ලේ රත්කරගන්නේ.

:       0       1

ජොෂ් පට්ටිආරච්චි Thursday, 16 April 2020 03:15 PM

අනේ හාමුදුරුවනේ අපි මුස්ලිම් ආගම හරි වැළඳ ගන්නම් අපිට සල්ලි තව ගොඩාක් දෙනව නම්...

:       1424       128

ජයවීරThursday, 16 April 2020 07:47 PM

අපේ අය ප්‍රවෘත්තියේ කියවන්නේ මාතෘකාව විතරයි. හිතන්නේ මේ සල්ලි දෙන්නේ ලංකාවට කියලා. පත්තර වල මාතෘකා යොදන්නේ ආකර්ශනීය ලෙස.

:       0       7

SumedaFriday, 17 April 2020 07:43 AM

පුවත හරියට කියවන්න මේකේ නහින්නේ නැතුව.

:       0       1

Perera Thursday, 16 April 2020 07:57 PM

මේ වෙන් කරලා තියෙන්නේ සෞධියේ කඩා වැටුණු ව්‍යාපාර වලට මිසක් ලංකාවට පිනට දෙන්න නෙවෙයි.

:       0       3

මාදව Thursday, 16 April 2020 09:41 PM

ඕක අපිට දෙනවා කියල නෑ. ඒ රටේ දෙයක් ගැන දාපු පුවතක් මේ.

:       0       2

පිටිගල මිලානෝ Thursday, 16 April 2020 10:16 PM

දැන් මේ මුඳල ලංකාවටද වෙන් කරලා තියෙන්නේ?

:       2       0

සුනාමි යකාFriday, 17 April 2020 07:46 AM

මැදමුලනේ අය වෙන්න ඇති....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 420 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site