IMG-LOGO

සීල් අරක්කු වැඩි මිලට විකුණූ ඌරුබොක්ක රට බීම හළ වටලයි

( එස්. ඩි. කොඩිකාර )

රජය විසින් අද (21)  දින සිට යලිත්  මත්පැන් අලෙවිසැල් නැවත දැනුම්දෙන තුරු  වසා දමන ලෙස නියෝග කර  තිබියදී එම නියෝග නොතකා ඌරුබොක්ක රටබීම හලේ ඉහල මාලයේ වැඩි මිලට සීල් අරක්කු විකුනමින් සිටි සේවකයින් දෙදෙනෙකු සීල් අරක්කු බෝතල් 60 ක්ද සමග අද (21) අත් අඩංගුවට ගත් බව දෙණියාය විශේෂ පොලිස් බලකාය පවසයි. 

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ එම රටබීම හලේ සේවය කල (33) හැවිරිදි ඌරුබොක්ක ප්‍රදේශයේ  පුද්ගලයෙකු  හා (32) හැවිරිදි බලංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකි.

අද (21) සිට මත්පැන් අලෙවිය තහනම් කිරීමේ නියෝගය රජය නිකුත් කිරීමට පෙර අද පෙරවරු කාලයේ  මෙම රට බීම හල පැය භාගයක කාලයක් විවෘත කර තබා ඇති අතර ඒ අවස්ථාවේ මෙම සේවකයින් දෙදෙනා අරක්කු බෝතල් ඉහළ මාලයට ගෙන ගොස් ඇති බව විශේෂ පොලිස් බලකායේ ඉහළ නිලධාරීයෙකු  පැවසීය .

දෙණියාය විශේෂ පොලිස් බලකායට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම එහි අණදෙන නිළධාරී දුමින්ද හේවා පතිරණ මහතා ඇතුළු කණ්ඩායමක් මගින් සිදුකර ඇති අතර සැකකරුවන් ඉදිරි පරීක්ෂණ  කටයුතු සදහා ඌරුබොක්ක පොලිසියට භාරදී ඇත.
 



අදහස් (1)

සීල් අරක්කු වැඩි මිලට විකුණූ ඌරුබොක්ක රට බීම හළ වටලයි

K.SL DENIYAYA Tuesday, 21 April 2020 08:56 PM

බාර් අරින්න එපා.... තව මාසයක්වත් .

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 483 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 643 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site