(ලසන්ත නිරෝෂණ පෙරේරා , ඉන්දීක නිරෝෂණ )
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තුනකට නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළුන් තිදෙනෙකු රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇති අතර ඔවුන් සමිපව ඇසුරු කළ පුද්ගලයින්ගේ නිවාස 13 ක් නිරෝධායනයට ලක් කර ඇතැයි රත්නපුර සෞඛ්‍ය අංශ පවසයි.
පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ නිවාසද නිරෝධනයට ලක්කර තිබේ.
රක්වාන හොරමුල සමන් පෙදෙසේ නාවිකයා ඇසුරු කළ පුද්ගලයින්ගේ නිවාස 08 ක් නිරෝධායනයට ලක් කිරිමට කහවත්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කළහ.
රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළු කරන ලද නාව්ක හමුදා සෙබළුන් තිදෙනාගේ පි.සී.ආර්. වාර්තා ලැබිමෙන් පසු ඉදිරි තීරණ ගනු ලබන බව සෞඛ්‍ය බලධාරීන් පවසති.
කහවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක නිමල් ව්ජේසිරි මහතා ඇතුළු නිලධාරීන් අද (24) රක්වාන හොරමුල සමන් පෙදෙසට ගොස් එහි නිවාස හතක් නිරෝධානය කරමින් නිවෙසියන්ට උපදෙස් ලබා දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd