තිස්ස කොටින්කඩුව
සීදුව යුද හමුදා විශේෂ කර්ය බලකායකට අයත් හමුදා කදවුරේ කපිතාන්වරයකුට කොරෝනා වයිරසය ආසදනය වි ඇති බව තහවුරු විමෙන් කදවුරේ 150 පිරිසක් එම කදවුරේ ස්වයං නිරෝධායනය සදහා යොමු කළ බව සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේශ් කුමාර මහතා පැවසිය.
නිරෝධායනයට ලක්කල පිරිස අතර නිලධාරීන්ද වන බව පැවසු පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා කදවුරේ කිසිම පුද්ගලයකුට එලියට යැමටත් ඇතළු විමටත් තහනමි කර ඇති බවද පැවසිය.
නිවාඩු ගොස් සිට නැවත පැමිණෙන කිසිවෙකුටත් කදවුරට ඇතුල්විම තහනමි කර ඇති බවද ඔහු පවසා සිටියේය.
ආසදනයට ලක්වු නිලධාරියා සැක සහිත කෙරෝනා ලක්ෂණ පෙන්නුමි කල නිසා (24) දින පීසිඅර් පරික්ෂණයකට යොමුකර ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය රික්ෂක වරයා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"යුද හමුදා විශේෂ කාර්ය බලකාය" ලෙස සඳහන් වීම "යුද හමුදා විශේෂ බලකාය" ලෙස නිවැරදි විය යුතුයි.
ඇත්තටම හරිම දුකයි. රණවිරුවන් සියලු දෙනාම මේ මාස දෙකේ මොන තරම් මහන්සි වුණාද? සියලු දෙනාට ඉක්මනින් සුවපත් වේවා යි ප්‍රාර්ථනා කරමු .
ashan මයා වෙත, ඔබගේ අදහස් 100% නිවැරදිය. මෙම පුවත්පතේම මිට පෙරද අප මෙම අතපසුවිම හෝ මෙම වැරැද්ද හොදින් දැක ඇත. යුද හමුදා විශේෂ බලකාය හා විශේෂ කාර්ය බලකාය "යහමින් පටලවා " ගෙන ඇත.
දැන් මුළු ලංකාවේම පොකුරු පිටින් ලෙඩ්ඩු අහුවෙන වෙලාව දැන් කන්දකාඩු ගෙනියන වැඩේ අවසන් කර ස්වයන් නිරෝධායනය ආරම්භ කරන්න රෝහල් ගත කිරීමට අවශ්‍ය අය පමණක් රෝහල් ගත කරන්න
ලොක්කෝ මාධ්‍ය සාකච්චාවල ලොකු ලොකු කතා කීවට මාසයක් පුරා දිවා රාත්‍රී නොබලා සේවය කරන සාමාන්‍ය භටයන්ගේ ආරක්ෂාව නොසලකා හැර ඇතිබව පෙනේ , ඔවුන් අපට දෙන උපදෙස් කදවුරු තුලත් ක්‍රියාත්මක කළා නම් මෙවැනි ශෝචනීය තත්වයන් නොසිදුවේ...
ඔය අපේ මාධ්‍යවේදීන්ගේ දැනුම් මට්ටමයි...
මී උණටත් කල් ඇතුවම පරීක්ෂණයක් කලොත් හොඳයි නේද?
Frontline එකේ ඉන්න අය ටෙස්ට් කරන්න ඕන නිතරම.