( තිළිණි ද සිල්වා )
සෞදි අරාබියේ පවතින කොරෝනා වසංගත හේතුවෙන් එරට මේවන විට සිටින 135,000 ක් වූ ලාංකික ශ්‍රමිකයින් ගැන සොයා බැලීම සඳහා එරට රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කළ බව එරට වැඩබලන ශ්‍රී ලංකා තානාපති මධූක වික්‍රමාරච්චි මහතා අද (20) පැවසීය.
එහි පළමු අදියර යටතේ එරට පවතින මෙම වසංගත තත්ත්වය හමුවේ රැකියා අහිමිවූවන් , පොරොන්දු වූ වැටුප් වලින් අඩක් හිමිවූ ලාංකික ශ්‍රමිකයින්ගේ තොරතුරු රැස් කිරීම කටයුතු දුරකතන මාර්ගයෙන් සිදු කෙරෙමින් පවතින බවද වැඩබලන තානාපතිවරයා කීය.
එම තොරතුරු හරහා ඔවුන්ට ඇති හදිසි අවශ්‍යතාවයන් වලදී සහාය වීමට රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරන බවද හෙතෙම කීය .
ඒ අනුව එලෙස රැකියා අහිමි වීම් හෝ වෙනත් ගැටලු පවතින ලාංකික ශ්‍රමිකයින් වෙතොත් රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක 00966591967312 යන දුරකථන අංකයට හෝ 00966591905178 දුරකථන අංකයට දැනුම් දෙන්නැයි වැඩබලන තානාපතිවරයා එම ශ්‍රමිකයින් ගෙන් හෝ ඔවුන්‍ගේ පවුලේ ඥාතීන් ගෙන් ඉල්ලා සිටී.
මීට අමතරව සෞදි අරාබියේ පැය 24 පුරා පවතින ඇදිරි නීතිය හේතුවෙන් විවිධ අසීරුතාවයන්ට පත්වූ රියාද් නගරයේ සිටින ලාංකික ශ්‍රමිකයින් 200 කට ආසන්න පිරිසකට වියළි ආහාර මල්ලක් ලබා දීමට රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කළේය.
සෞදි අරාබිය යනු ලාංකික ශ්‍රමිකයින් වැඩි පිරිසක් සේවය කරන රට වන අතර 135,000 කට ආසන්න පිරිසක් සිටිති.ඉන් බහුතරයක් දෙනා ගෘහ සේවය , පවිත්‍රතා අංශ , රියදුරු ක්ෂේත්‍රයන්ට අදාළව රියාද් , දමාම් සහ ජෙඩා යන ප්‍රධාන නගර වල සේවය කරති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සෞදියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ තොරතුරු රැස්කෙරේ
mihira Monday, 20 April 2020 12:51 PM
දෝහාවල 145000ක් ඉන්නවා... ඒත් ඔවුන් ගැන හොයන්න බලන්න කෙනෙක් නැද්ද?
bitter truth Tuesday, 21 April 2020 12:51 AM
අනේ මෙ අයගේ දුරකථන අංකත් ලංකාවේ අය ආපදා කලමනකරණයට දෙන අංකවගේ තමයි... කරන්න ඕනි හින්ද එක අංකයක් දල එකේ රෙසිවරෙත් පැත්තකින් තියල ඇති. කියපල්ලා බලන්න මේ ආපදා අවස්ථාවේ ඉතා කාර්යක්ෂමතාවෙන් වැඩ කරන එකක්. ආහාර ද‍්‍රව්‍ය ඇනවුම් කරන්න දීල තියෙන අංක, අන්තර්ජාල සේවා අන්තිම අදෝමැයි. පාන්දර ඉදන් උත්සාහ කලත් උන් කියන්නේ දවසේ ඇනවුම් අරගෙන ඉවරයි කියල. ගත්ත එකෙක් කියපන් ලිස්ට් එක ආයේ එවන්න... මතක්කරල නැවත දුරකථන ඇමතුම් දුසිමක් නොදුන්න කෙනෙක්. කටේ නම් තියෙන්නේ විද්‍යාත්මක පදනම.