(මහින්ද නිශ්ශංක)
අන්තර්ජාලය (ඔන් ලයින්) හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර නිවෙස් වෙතට ගෙනෙවිත් දීමේ වැඩපිළිවෙළක් ලංකා සතොස මගින් අද (25) ආරම්භ කළ බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පැවසීය.
ප්‍රථම අදියර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 6 ක දුරක සිටින පාරිභෝගිකයන්ට අන්තර්ජාලය (ඔන් ලයින්) හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි බවද ඉදිරියේදි එම වැඩපිළිවෙළ දීපව්‍යාප්තව සිදුකරන බවද ඒ මහතා පැවසීය.
රුපියල් 500 , රුපියල් 1000 සහ රුපියල් 2000 වටිනා භාණ්ඩ මෙම ක්‍රමය යටතේ ඇනවුම් කළ හැකි ඔහු වැඩිදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 17
38
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සතොස අන්තර්ජාලයෙන් භාණ්ඩ ඇනවුම් කිරීමේ හැකියාව ලබාදෙයි
Srimaa Wednesday, 25 March 2020 01:51 PM
"සතොස අන්තර්ජාලයෙන් භාණ්ඩ ඇනවුම් කිරීමේ හැකියාව ලබාදෙයි" මෙ සමගම නිවැරදි දුරකතන අංකයක් සහ ඔන්ලයින් ලින්ක් එකද ලබා දෙන්න,
ගෝණ මැදගොඩ අභයතිස්ස හිමි Wednesday, 25 March 2020 02:03 PM
කෝ වෙබ්සයිට් එකක්. අපේ පංසලටම ඕඩරයක් දාගන්න පුළුවන් නම් හොඳයි. දන්න පිංවතුන් ඉන්නවා නම් සතොස ආයතනයේ ඔන්ලයින් ඕඩරයක් දාගන්න පුළුවන් කොහොමද කියලා කියලා දෙන්න. තෙරුවන් සරණයි..
Srimaa Wednesday, 25 March 2020 02:08 PM
අන්තර්ජාලයෙ කිසිම සදහනක් සොයා ගැනිමට නැත, කරුනාකර ඔන්ලයින් ලින්ක් එක හා දුරකතන අංකයක් පල කරන්න
පාඨකයෙක් Wednesday, 25 March 2020 02:11 PM
කරුණාකර වෙබ් අඩවි ලිපිනය (URL) පාඨකයන්ට ලබා දෙන්න.
jayath Thursday, 26 March 2020 01:41 AM
ඔව් සිරිමා මේක බහුබූත කතාවක් . ඔන් ලයින් දෙනවලු හැබැයි ලින්ක් එක නැහැ කිලෝමීටර හය කොළඹ කොහේ ඉඳලද ? අනික මෙයාල ඊයේ කියපු කෙටි දුරකථන අංකය වැඩ නැහැ .මේ අඩුපාඩු ටික මේ අසීරු අවස්ථාවේ හදාගන්න
සස්නි කෞෂල්‍යය Saturday, 04 April 2020 08:41 AM
ෆෝන් නම්බර් එකක් දෙන්න...
රැවනි Wednesday, 08 April 2020 05:33 AM
අපට සිල්ලර බදු අවශ්‍යයයි.
N. Kumara Thursday, 23 September 2021 10:40 PM
අද දින රන්න ලංකා සසතොස ශාඛාවෙන් ගත්ත තිරිඟු පිටි කිලො එකේ පනුවොයි, ගුල්ලොයි ඒ මදිවට දුර්ගන්ධය පරිභෝජනයට නුසුදුසුයි පාරිභෝගිකයන්ට මේවද අඩු මිලට කන්න දෙන්නෙ ?