(එස්.ඩි.කොඩිකාර )
ඇඳිරි නීතිය ලිහිල් කර පුද්ගල දුරස්ථභාවය තබාගෙන බස්රථ වල මගීන් 25 කු පමණක් ආරක්ෂිතව ගමන් කිරීමට සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් තඹේකටවත් මායිම් නොකර අකුරැස්ස - මාතර මාර්ගයේ ඇතැම් පුද්ගලික බස් රථ රියදුරු ,කොන්දොස්තරවරුන් මගීන් පටවාගෙන යන අයුරු අද (20) මාලිම්බඩ ප්‍රදේශයේ දී දක්නට ලැබුණි.
විශේෂයෙන්ම මගින් චෝදනා කරන්නේ ප්‍රධාන බස් නැවතුම් පොළවල් වලින් පුද්ගල දුරස්ථභාවය තබාගෙන බස් රථ මගීන් රැගෙන ගමන් ආරම්භ කලත් කිලෝමීටර් 10-15 ක් පමණ දුරක් බස්රථ ධාවන කර අතර මග මගීන් නංවා ගන්නා විට මෙම සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් ගිලිහී යන බවයි.
ඊට අමතරව මගීන් මෙම තත්වයට උද්ගත වීමට ප්‍රධාන හේතුවක් ලෙස පවසන්නේ කුඩා නගර හැර ප්‍රධාන නගර වලින් පමණක් බස්රථ ධාවනය කිරීම බව ඔවුන් පෙන්වා දෙයි .
මේ හේතුව නිසා මගින් සහ ජනතාව පවසන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රටපුරා මසක් වැනි කාලයක් පැන වූ ඇඳිරි නීති කාලය පුස්සක් වීමට ඉඩ තිබෙන බවයි .
මේ හේතුවෙන් ජනතාව සහ මගින් පවසන්නේ ප්‍රධාන නගර හැර සෙසු අතරමඟ නගර සඳහා ද බස්රථ යොදවා අතරමග මාර්ග වල සිට නගරවලට යෑම සඳහා සිටින මගීන්ට ද සහනයක් සලසන ලෙස අදාළ අංශ වලින් ජනතාව ඉල්ලා සිටී .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් ඕනි පොඩි එකෙක්ට තේරෙනවා, ගම වලට දවසටම බස් එකයි දෙකයි එන්නේ, ඔය කියන විදිහට භාගයක් පුරවල අරන් යන්නේ කොහොමද. අනික අපේ මිනිස්සුන්ගෙත් හැදියාවක් නැතිකම. ඔකේ වැඩිපුරම ඉන්න ඇත්තේ නෑදෑ ගෙවල් වල යන කට්ටිය.
සාමාන්‍ය වැරදි වලට 25,000ක් දඩ ගහන එකේ මේවට ලක්ශ ගනන් වලින් ගහලත් මදි
මන් හුඟක් කැමැති ජනතාව බයිසිකල් පාවිචිචියට පුරුදු උනානම් ඔය වගේ ප්‍රශ්න මග හරවා ගන්න පුළුවන් කියලා
ෆොන්සේකා මහත්තය කිව සේ මේවා නිදහස් කරගත් පළාත් නොවේ .
අපේ සමහර අයට ඇඳිරිනීතිය අයින් කල හැටියේ නැති ගමන් ඇතිවෙනවා නැත්නම් ඔය කියන අකුරැස්ස- මාතර පාරේ ඔයතරම් දෙනෙක් වෙසක් බලන්න යන්නද ? පුදුම මිනිස්සු ජාතියක්
මෙය අකුරැස්ස ගාල්ල මාරගයේද ඒ ආකාරයෙන්මයි. එක් ආසනයක මගීන් දෙදෙනා බැගින් ගාල්ල අකුරැස්ස මාර්ගයේ බස් ධාවනය සිදුවන ආකාරය අප දුටුවෙමු.