IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞඛ්‍ය උපදෙස් තඹේකටවත් මායිම් නොකර පෞද්ගලික බස් රථ සෙනග අදී

(එස්.ඩි.කොඩිකාර )

ඇඳිරි නීතිය ලිහිල් කර පුද්ගල  දුරස්ථභාවය තබාගෙන බස්රථ වල මගීන් 25 කු පමණක්  ආරක්ෂිතව ගමන් කිරීමට සෞඛ්‍ය අංශ  ලබාදුන් උපදෙස් තඹේකටවත් මායිම් නොකර අකුරැස්ස - මාතර මාර්ගයේ ඇතැම් පුද්ගලික බස් රථ රියදුරු ,කොන්දොස්තරවරුන් මගීන් පටවාගෙන යන අයුරු අද  (20) මාලිම්බඩ ප්‍රදේශයේ දී දක්නට ලැබුණි.

විශේෂයෙන්ම මගින් චෝදනා කරන්නේ ප්‍රධාන බස් නැවතුම් පොළවල් වලින් පුද්ගල  දුරස්ථභාවය තබාගෙන බස් රථ මගීන් රැගෙන  ගමන් ආරම්භ කලත් කිලෝමීටර් 10-15 ක්  පමණ දුරක් බස්රථ ධාවන කර අතර මග මගීන් නංවා ගන්නා විට මෙම සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් ගිලිහී යන බවයි.

ඊට අමතරව මගීන්  මෙම තත්වයට  උද්ගත වීමට ප්‍රධාන හේතුවක් ලෙස  පවසන්නේ කුඩා නගර හැර  ප්‍රධාන නගර වලින් පමණක් බස්රථ  ධාවනය කිරීම බව ඔවුන් පෙන්වා දෙයි .

මේ හේතුව නිසා මගින් සහ ජනතාව  පවසන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය  වැළැක්වීම සඳහා  රටපුරා මසක් වැනි කාලයක්  පැන වූ ඇඳිරි නීති කාලය පුස්සක් වීමට ඉඩ තිබෙන බවයි . 

මේ හේතුවෙන් ජනතාව සහ මගින් පවසන්නේ ප්‍රධාන නගර හැර සෙසු අතරමඟ නගර සඳහා ද බස්රථ යොදවා   අතරමග මාර්ග වල සිට නගරවලට යෑම සඳහා  සිටින මගීන්ට ද  සහනයක් සලසන ලෙස අදාළ අංශ වලින් ජනතාව ඉල්ලා සිටී .



අදහස් (6)

සෞඛ්‍ය උපදෙස් තඹේකටවත් මායිම් නොකර පෞද්ගලික බස් රථ සෙනග අදී

sachith Monday, 20 April 2020 06:57 AM

ඕක ඉතින් ඕනි පොඩි එකෙක්ට තේරෙනවා, ගම වලට දවසටම බස් එකයි දෙකයි එන්නේ, ඔය කියන විදිහට භාගයක් පුරවල අරන් යන්නේ කොහොමද. අනික අපේ මිනිස්සුන්ගෙත් හැදියාවක් නැතිකම. ඔකේ වැඩිපුරම ඉන්න ඇත්තේ නෑදෑ ගෙවල් වල යන කට්ටිය.

:       0       0

විජේ Monday, 20 April 2020 07:05 AM

සාමාන්‍ය වැරදි වලට 25,000ක් දඩ ගහන එකේ මේවට ලක්ශ ගනන් වලින් ගහලත් මදි

:       0       0

DASTHAA Monday, 20 April 2020 07:19 AM

මන් හුඟක් කැමැති ජනතාව බයිසිකල් පාවිචිචියට පුරුදු උනානම් ඔය වගේ ප්‍රශ්න මග හරවා ගන්න පුළුවන් කියලා

:       0       0

rana Monday, 20 April 2020 07:24 AM

ෆොන්සේකා මහත්තය කිව සේ මේවා නිදහස් කරගත් පළාත් නොවේ .

:       0       0

jayath Monday, 20 April 2020 07:27 AM

අපේ සමහර අයට ඇඳිරිනීතිය අයින් කල හැටියේ නැති ගමන් ඇතිවෙනවා නැත්නම් ඔය කියන අකුරැස්ස- මාතර පාරේ ඔයතරම් දෙනෙක් වෙසක් බලන්න යන්නද ? පුදුම මිනිස්සු ජාතියක්

:       0       0

ලංකාපුත්‍ර Monday, 20 April 2020 09:16 AM

මෙය අකුරැස්ස ගාල්ල මාරගයේද ඒ ආකාරයෙන්මයි. එක් ආසනයක මගීන් දෙදෙනා බැගින් ගාල්ල අකුරැස්ස මාර්ගයේ බස් ධාවනය සිදුවන ආකාරය අප දුටුවෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31606 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13987 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 169 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site