මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
අද දිනය තුළ පමණක් වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 10 දෙනෙකු වාර්තා වූ බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 30
104
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 97 දක්වා ඉහළට
ලාල් Monday, 23 March 2020 07:50 PM
අපට කළ හැකි හොඳම පරිත්‍යාගය වන්නේ උපකාරක සේවාවන්ට බරක් නොවී රජයේ නියෝග පිළිපැදීම සහ නිවසේ රැඳී සිටීමයි.
Laksitha Paris Monday, 23 March 2020 08:10 PM
ඔබ හරි .. ගෙවල් වලට වෙලා ඉන්න . බුදු සරණයි....
SLTuesday, 24 March 2020 01:59 AM
මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ඇඳිරිනීතිය ඉවත් කරනවා නම් ප්‍රාදේශිකව (ගම් වශයෙන් ) එය ඉවත් කර පොලිසිය, ප්‍රාදේශීය සභා, නගරසභා සහාය ඇතිව බඩු, බැංකු සේවා වරකට එක ගමකට බැගින් ගමට ගෙන යන්න බැරි මොකද ...? මිනිස්සු තොග පිටින් රැස්වෙන එක අවම කරගන්න මේ ආකාරයට පුළුවන්නේ..
ලියනගේ Monday, 23 March 2020 11:37 PM
සජිත් ඔබ වෛද්‍යවරයකු සෞඛ්‍ය පිළිබද විශේෂඥයකු නොවේ. දේශපාලකයින් දේශපාලනය මිස රෝග සුවකිරීමට දැනුමක් නොමැති නිසා ඔබ මේ අවස්ථාවේ කරන ලොකුම සහයෝගය නම් නිහඩව සිටිම වේ. කිසිවක් නොදැන රටේ ජනතවට අදහස් ප්‍රකාශ කිරීම දැන්වත් නතර කරන්න. COVID-19 වෛරසය යනු දේශපාලන ප්‍රශ්නයක් නොව සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසාත් ඔබගේ ඒ පිළිබදව නිසි අවබෝධයක් නොමැති නිසාත් නිහඩව සිටීම සුදුසුම පිළිතුර වේ. යමක් රටට ප්‍රකාශකොට පසුව සමාව ගැනීමෙන්ම පෙනීයන්නේ ඔබ වගකීමකින් අදහස් ප්‍රකාශකරන දේශපාලකයකු නොවන බව නැවතත් තහවුරු කර ඇත. ඔබ නොදන්නා දේ දන්නසේ ප්‍රකාශ කිරීමට ගොස් අනා ගන්නවට වඩා සහ ඔබ වෛද්‍ය සේවය කොට දේශපාලනයට පැමිණි කෙනෙකු නොවන නිසාත් ඒ පිළිබද යමක් කීමට හෝ කිරීමට පෙර එම විෂය දන්නා කෙනෙකුගෙන් උපදෙස් ගන්න.
Bandara Monday, 23 March 2020 09:36 PM
ලාල් ඔබ හරි. මම සිටින්නෙත් මව්බිමෙන් පිට. මෙ අවස්ථාව ගෝලීය විනාශයක්... බොහෝ රටවල්වලට වඩා ලංකාව හොදින් ආදරයෙන් කරුණාවෙන් වගකීමෙන් මිනිසුන්ව බලාගන්නවා. බොහෝ දියුණු රටවල් ලංකාව සිදුකරන දේවල් වලින් භාගයක්වත් සිදුකර නොමැත.ඒ නිසා ඔබ ලබන සියලු දෙනාට ස්තුතිවන්ත විය යුතුයි.
වරුණ Monday, 23 March 2020 11:16 PM
ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා රෝගීන්ට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවේ සිටින්නට පුළුවන. රජය ඉතාලියේ සිට ලංකාවට පැමිණි පිරිස පමණක් නොව යුරෝපයේ අනෙක් රටවල සිට (පෙබරවාරි සහ මාර්තු මාස තුළ) ලංකාවට පැමිණි පිරිසටද සොයාබලා මෙවැනිම ආකාරයේ අවවාද ලබාදීමට කටයුතු කලයුතුවේ. කොපමණ පිරිසක් පැමිණියාද කියා ගුවන් තොටුපලේදීම සොයාගත හැකිවේ. දෙවනුව ගුවන් තොටුපලේ සිට කොපමණ පිරිසක් ටැක්සි වාහන මගින් ඔවුන්ගේ නිවෙස් කරා ගියද කියා සොයා බැලිය යුතුවේ. ගුවන්තොටුපලේ ටැක්සි සහ ට්‍රිවීල් පිළිබව සොයාබැලීමක් කලයුතුවේ. සීත රටවල මෙන් නොව ලංකාවේ නිවැරදි ක්‍රියාමාර්ග ගන්නේ නම් COVID -19 ඉක්මනින් තුරන් කිරීමට හැකිවේ.