( තිළිණි ද සිල්වා සහ ටී.කේ.ජී. කපිල )
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මේ මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය සඳහා පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එහි නියමිත මගී ගුවන් ගමන් එදින තෙක් තාවකාලිකව අත්හිටුවීම දීර්ඝ කිරීමට සිදුව ඇතැයි එම සමාගමේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.
කෙසේ වෙතත්, ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත ජාලය හරහා ගුවන් භාණ්ඩ සේවා මෙන්ම විශේෂ ගුවන් ගමන් වාර අවශ්‍යතාවය පරිදී ක්‍රියාත්මක වනු ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සදහන් කරයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කරගැනීමෙන් හෝ ළගම ඇති ශ්‍රී ලංකන් කාර්යාලය වෙතින් මෙන්ම +94117771979 යන දුරකතන අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සදහන් කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැති එක අර ඊයේ කිව් පරිදි ව්‍යාපාරික සිතිවිල්ලෙන් යන්ද බෙංගාලි බෝතල් ටිකක් ගෙන්න ? නියම ව්‍යාපාරය .චිනා අදිනවා වගේ නොවේ.
මේ සුදු අලියෙක්... රටේ මිනිසුන්ගේ මුදල් කකා දෙස්පාලුවන්ව උඩින් එහාට මෙහාට ඇද ඇද ඉන්නවා පමණයි. එදා එමිරේට්ස් සමග තිබෙද්දී අපි දිගටම ලාබ ලැබුවා. ඒකටත් කෙලියේ රාජපක්ෂලා බව දැන් කාටකාටත් අමතකද දන්නේ නැහැ....
"..හොඳට මේ කතාවේ අග මුල හොයලා ඉන්න ආපහු කමෙන්ට් ලියන්න ඉස්සෙල්ල...." අපි හොයලා බැලුවා ..... ඔබට කවුරුවත් වැසිකිලි පෝච්චියක් නැතිනම් ටකරමක් , නැතිනම් රුපියල් 200 හරි අරක්කු වීදුරුවක් හරි දීලා තියෙනවා...පුතේ මෙන්න මෙහෙම ලියපන් දැන් චන්දෙත් ලඟයි...අමතකවෙලා තියෙන ඇත්ත අයෙත් මතුවෙන්න වගෙයි යන්නේ....එහෙම වුනොත් මේ පාර මගේ අගමැතිකමත් ඉවරයි..." කියලා. ශ්‍රී ලන්කන් සේවය නැත්තටම නැතිවුනේ මහින්දගේ කාලයේ. ඒක තමයි ඇත්ත. අගමුල හොයන්න දෙයක් නැහැ. නොමිලේ දුන්න පින් අරක්කු බිලා බොරු කොමෙන්ට්ස් ලියන්න එපා.