IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලාංකික 11 වැනි ආසාදිතයාත් හමුවෙයි

( දිල්රුක්ෂි ග්‍රේරු ) 

කොරෝනා වයිරසය ආසාදිත ශ්‍රි ලාංකික 11 වැනි පුද්ගලයා පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි  සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි.

වයිරසය ආසාදිත මෙම පුද්ගයා 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි.

මීට පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමඟ එම සංචාරයේම නියැලුණු පුද්ගලයෙකු බවද හඳුනාගෙන තිබේ.

මේ වන විට ඔහු අයිඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන බවද අනිල්ජාසිංහ මහතා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ. 



අදහස් (5)

ශ්‍රී ලාංකික 11 වැනි ආසාදිතයාත් හමුවෙයි

de silva berlin Sunday, 15 March 2020 01:17 PM

යුරෝපා ජාතීන්ට කරනවා වගේ, චීනෙන් එන සංක්‍රමණික සේවකයන් සහ සංචාරකයන් නිරෝධනයට යොමු කරන්න තවම ඔබතුමාගේ අදහසක් නැද්ද? 11 කියන්නේ විශාල වැඩිවීමක් ගිය සතියේ සිටියේ 1 රෝගියාය, සියයට 1000 ගුණයක වැඩිවීමක් නේද මේක...?

:       0       0

පිටිගල මිලානෝ Sunday, 15 March 2020 01:19 PM

කොරෝනා කැබිනට් එකට සහ දියවන්නාවට දැනටමත් ගිහින් ඇති බව අපි දන්නවා. අර ඩෙනිස් ඇමතිතුමාගේ තත්වය කොහොමද?

:       0       0

de silva berlin Sunday, 15 March 2020 01:34 PM

දැන් කරන්න තිබෙන එකම දෙය පිටරට සිට එන සියලු දෙනාම (ශ්‍රී ලාංකික සහ සියලුම විදේශික) නිරෝධායනය කිරීමයි. සංචාරකයින් නැතුව වහලා තිබෙන සංචාරක හොටල් හිමියන් සමග සාකච්ඡා කර හෝටල් වල තාවකාලිකව අවශ්‍ය වෙනස්කම් කර, රජයේ පාලනය යටතේ මේ සඳහා යොදාගත හැකිය. එතකොට හෝටල් හිමියන්ටද අාදායමක් ලැබෙන අතර සංචාරකයින්ද ලංකාවට ඒවි... විශේෂ නිරෝධන මධ්‍යස්ථාන වන සංචාරක හෝටල්වලට මුදල් ගෙවලා යන්න කැමති නැති පුද්ගලයන් රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකළ හැක... අද ලංකාවේ විවිධ මිල ගණන්වලට හෝටල් තිබෙන නිසා මෙය ක්‍රියාත්මක කිරීමට ප්‍රශ්නයක් නොමැත.. එතකොට සංචාරකයාට මෙම වැඩසටහන සහභාගිවන රජයේ අනුමත හෝටලයක් ලංකාවට එන්න කලින්ම වෙන්කරගෙන, එම විස්තර ලබාදී අන්තර්ජාලය හරහා වීසා එකක් අරන් ලංකාවට ඇවිත්.., වෙන්කළ විශේෂ වාහනයකින් අදාල හෝටලයට ගිහින් පළමු සති දෙක අදාල හෝටලයේ ගතකර, නිවාඩුවේ ඉතිරි කොටස ලංකාවේ සංචාරය සඳහා වෙන්කළ හැක...

:       0       1

Champa Sunday, 15 March 2020 01:52 PM

ලංකාව මේ තරමටවත් බේරිලා ඉන්නේ උෂ්ණාධික රටක් නිසා මිසක් ආණ්ඩුව කරපු දෙයක් නිසා නෙමෙයි. ප්‍රශ්නේ බරපතල වෙන්නේ වැස්ස පටන් ගත්තහම. ඒ හින්දා නිකම් දවස ගානේ පැයෙන් පැයට අලුත් අලුත් ලෙඩ්ඩු ගානයි, දවස ගානේ ලංකාවට ඇතුල් වෙන එක නතර කරපු රටවල් ටිකයි රටට කියන මොන්ටිසෝරි වැඩේ නවත්තලා, වගකිවයුතු රජයක් විදිහට ජනතාව අතරේ කොරෝනා පැතිරෙන එක නවත්තන්න කරන්න ඕනේ මොකක්ද කියලා මෝඩ ආණ්ඩුවට කියලා දෙන්න. මාර්තු 10 වෙනකම් ආණ්ඩුව හිටියේ නිදාගෙන... ඇහැරෙව්වේ අපි සාක්කියට යුද හමුදාපතිගේ ප්‍රකාශයක් තියෙනවා මාර්තු 1 සිට 9 දක්වා ලංකාවට ආපු මිනිස්සුන්ට නිරෝධානය වෙන්න කියලා. ඒ කියන්නේ මාර්තු 10 වෙනකම් නිරෝධනය අනිවාර්ය කරලා තිබිලා නැහැ වගේම ගුවන් තොටුපොළේ කොරෝනා ටෙස්ටිනුත් නවත්තලද තිබුණේ? නැත්නම් ඉතාලියෙන් ආපු මිනිස්සු කන්දකාඩු ගෙනියනකම් ඔවුන් අතරේ කොරෝනා රෝගීන් ඉන්න බව දන්නේ නැති වුනේ කොහොමද?

:       0       0

lanka Sunday, 15 March 2020 02:04 PM

කොරෝනා ලෙඩුන් යයි ස්ථිර 10ක් මේ වෙනකොට ලංකාවේ ඉන්නවා. ඒ වගේම මේ රෝග ලක්ෂණ තියෙන බොහෝ පිරිසක් විවිධ රෝහල්වල රෝහල්ගත වෙනවා. නමුත් මෙසේ රෝහල්ගත වෙන සමහර අයට තිබෙන ඉහළ ප්‍රතිශක්තීකරණය නිසා ඔවුන්ට ඇත්තටම කොරෝනා වැළඳී තිබුණත් අපේ සෞඛ්‍ය සේවකයින්ට එය හරියටම අඳුනාගන්න බැහැ. ඒ එම රෝගීන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නිසා. ඔබ අප කවුරුත් දන්නවා අපේ සෞක්‍ය අංශ සහ රෝහල්වලට මෙය සොයාගැනීමට හරියටම දැනුමක් සහ උපකරණ නැති බව. ඒ නිසා සමහර ලෙඩුන් සාමාන්‍ය උණ හොඳ වී නැවත ගෙදර යනවා. නමුත් මොවුන්ව ඇසුරු කළ වෙනත් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය දුර්වල නම් ඔවුන්ට මෙය වැළඳීමේ සහ අසාධ්‍ය වීමේ ලොකු ඉඩක් තියෙනවා. කොරෝනා කියන්නේ මෙය වැළඳෙන සියලු දෙනාම අසාධ්‍ය වෙන රෝගයක් නෙමෙයි. ප්‍රතිශක්තිය දුර්වල අයට පමණයි අසාධ්‍ය වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31257 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13440 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 88 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 925 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site