බිමල් ශ්‍යාමන් ජයසිංහ
සෞඛ්‍ය අංශ මඟින් ලබා දී ඇති උපදෙස් නොතකා මගීන් 60 දෙනෙකුට අධික ප්‍රමාණයක් රැගෙන වලස්මුල්ල සිට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද අලුයම බේරුවල නගරයේ දී නතර කළ පොලිස් නිලධාරීන් එහි රියදුරු ඇතුළු මගීන්ට දැඩි ලෙස අවවාද කර මුදා හැරිය බව බේරුවල පොලිසිය කියයි .
වලස්මුල්ල සිට මහනුවර බලා ධාවනය වූ බස් රථය බේරුවල නගරයේදී නතර කරන අවස්ථාවේදී එහි අසුන් සියල්ලම මගීන් දෙදෙනා බැගින් අසුන් ගෙන සිටි බවත් තවත් මගින් 30 දෙනකු පමණ සිටගෙන ගමන් කරනු දක්නට ලැබුණ බවත් පොලිසිය සඳහන් කරයි.
ඔවුන් සියල්ලම මුඛ ආවරණ පැළඳ සිටිය ද එකිනෙකට ආසන්නව ගමන් කරන අයුරු දක්නට ලැබුණු බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.
බස් රථයේ බහුතරයක් දෙනා කාන්තාවන් සහ කුඩා ළමුන් බවත් ආරක්ෂක අංශ නිලධාරීන් කිහිප දෙනකු එහි සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
බේරුවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දම්මික ද සිල්වා මහතා රියදුරුට සහ මගීන්ට අවවාද කළහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවවාද කලපසු කොරෝනා බෝවීම නැතිවෙනවද.?
ඕකයි තත්ත්වේ... මිනිස්සුන්ට මොලයකුත් නෑ.... බස් කාරයින්ට ප්‍රශ්නෙකුත් නෑ... රජයට ගානකුත් නෑ....
මට තේරුම් ගන්න බැහැ මෙච්චර අවදානමක් තියෙද්දී මොන එකකට ඔය ඇදිරිනීතිය නැවැත්තුවාද කියන එක
ප්‍රවෘත්තිය පැහැදිලි නැහැ. අවවාද කරලා ඒ ආපු විදිහටම හිරවෙලා යන්න දුන්නද? නැත්නම් වැඩියෙන් සිටි මගීන් බැස්සුවද...?
හොදට බලන්න විල්පත්තු ඉදලා යාලට මාරුකරන කට්ටියක්ද කියලා...?