( තිළිණි ද සිල්වා )
මෙරට පරිභෝජන අවශ්‍යතා හා සෞඛ්‍ය ආරක්ෂණ සේවා මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ බාධාවකින් තොරව රටතුළට ගෙන්වීමට හා අඛණ්ඩව සැපයීමේ ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා දිගටම සේවයේ නිරත වීමට වරාය සේවකයින් කැමැත්ත පලකළ බව වරාය හා නාවික කටයුතු මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ දින(20) වරාය සේවකයින් හමුවී පැය පහකට අධික කාලයක් තිස්සේ ඔවුන්ගේ සේවා පරිශ්‍ර වෙතට යමින් සේවකයින්ගේ අවශ්‍යතා සොයා බලමින් සිදු කළ සාකච්ඡා වලින් අනතුරුව එම වරාය සේවකයින් කැමැත්ත පළ කර ඇත.
පාරිහෝජන හා අත්‍යාවශ්‍ය සේවා මෙන්ම සෞඛ්‍ය ආරක්ෂණ සේවාවන් සදහා වන භාණ්ඩ රට තුළට බාධාවකින් තොරව ගෙන්වීම හා බෙදාහැරීම සිදු කරන බැවින් ජනතාවට අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහජනතාවගෙන් ඉල්ල සිටී.
තවද අඛණ්ඩව සේවාවේ නිරත වනවානම් සේවකයින්ගේ සුරක්ෂිභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටත්,සෞඛ්‍ය ආරක්ෂිතව සේවා පරිශ්‍රයන් පවත්වාගෙන යාමටත් ,ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙසටත් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතාට සහ වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතාට උපදෙස් ලබා දී ඇත.
සේවයට පැමිනෙණ සේවකයින්ට පෞද්ගලික වාහන වලින් වරාය දොරටු තුලින් ඇතුළුවීමට අවසර ලබා දී ඇති අතර ජාතික හැදුනුම්පත හා ආයතනික හැදුනුම්පත පෙන්වා වරායට ඇතුළු විය හැක.
එමෙන්ම ආයතනික හැදුනුම්පත ඇදිරිනීතිය බලපත්‍රයක් ලෙස භවිතා කළ හැකි බවද අමාත්‍යවරයා කියා සිටී.
වරාය සේවකයින්ගේ වැඩට පැමිණීමේ පහසුව සදහා ප්‍රධාන පිවිසුම් මාර්ග 07ක බස් රථ යොදවා ඇත.
ඒ අනුව නුවර පාර- කෑගල්ල දක්වා, ගාලු පාර- අලුත්ගම දක්වා , හයිලෙවල් පාර -මීපේ හන්දිය දක්වා , මිනුවන්ගොඩ පාර -දිවුලපිටිය දක්වා ජාඇල හරහා, හොරණ පාර-හොරණ දක්වා, පරණ පාර හංවැල්ල අවිස්සාවේල්ල දක්වා ,කැලණි විහාර පාර කිරිදිවැල දක්වා මෙම බස් රථ සේවා රජය විසින් සපයා ඇත.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වරාය සේවකයින් දිගටම වැඩ
ජොනී Saturday, 21 March 2020 12:17 PM
කුඩු, එතනෝල් වලටත් ප්‍රස්නයක් නැහැ.
siri Saturday, 21 March 2020 12:24 PM
මේ අස්සේ අර කන්ටේනර් ටික පන්නා ගන්නත් එපායැ ඉතින්...