IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වියළි සළාක ගෙන් ගෙට බෙදාදිමේ වැඩසටහන අරඹයි

(මලීෂා ගුණවර්ධන)

සමුපකාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද වියළි සළාක ගෙයින් ගෙට බෙදාදිමේ වැඩසටහන බස්නාහිර පළාතේ අද (25) ආරම්භ කෙරිණි.

'අපි එනතුරු ගෙදර ඉන්න ' නමින් එම වැඩසටහන නම් කර තිබිණි.

මෙම වැඩසටහන යටතේ රුපියල් 500 සිට රුපියල් 1000 යුත් වියළි සළාක බඩු මලු ජනතාවට ලබා ගත හැකිය.

අවශ්‍ය බඩු මලු දුරකතනය මගින් දැනුම් දිමෙන් ගෙදරටම ගෙන්වා ගත හැකිය.

බස්නාහිර පළාතේ විවිධ සේවා සමුපකාර 38ක මෙම වැඩසටහන සිදුකරන බව බස්නාහිර පළාත් කොමසාරිස් රුවනි වි⁣ජේවිකම මහත්මිය පැවසුවාය.



අදහස් (8)

වියළි සළාක ගෙන් ගෙට බෙදාදිමේ වැඩසටහන අරඹයි

ධම්ම Wednesday, 25 March 2020 01:20 PM

දුරකතන අංකය කෝ?

:       0       42

jayampathi Wednesday, 25 March 2020 01:40 PM

මෙ ගැන අපිට නිවැරදි තොරතුරක් ලැබි නැත. කරුණාකර මෙ ගැන දන්නා කෙනෙක් එහි දුරකතන අංකය සදහන් කරන්න...

:       0       26

විජේ Wednesday, 25 March 2020 01:43 PM

දුරකතන අංකය තිබුණා නම් වැදගත්....

:       0       16

රවින් Wednesday, 25 March 2020 01:45 PM

ඇනවුම් බාරදීම සඳහා දුරකථන අංක හෝ වෙබ් අඩවියක් මේ සමග පලකලා නම් නේද හොඳ? කරුණාකර එම මලුවල අඩංගු දේ ද, තමන් ඇනවුම් කරනදේ තමන් විසින් දැනගත යුතු හෙයින් පලකරන්න.

:       0       13

225 Wednesday, 25 March 2020 02:11 PM

ඇඳිරි නීතිය වෙනුවට ලෝකඩව්න් ක්‍රමය ලංකාවේ කිලෝ මීටර් කිහිපහක ප්‍රදේශ ලෙස ක්‍රියාත්මක කලා නම් ආහාර ලබා ගැනීම සහ එවන් අවස්ථාවලදී රෝග බෝවීම සිදුවීම අවම වේ. එයට හේතුව අද සිදුවුනාක් මෙන් විශාල පිරිසක් ඉතා කුඩා කාල අවකාශයක් තුල වෙලඳ සැල් කීපයකට රොක්වීමක් සිදු නොවන නිසාය.

:       0       0

Prasad Wednesday, 25 March 2020 03:04 PM

කරුණාකර, මෙවැනි පුවතක් පළකරන කරන විට අනිවාර්යෙන්ම ' අපි එනතුරු ගෙදර ඉන්න ' දුරකථන අංකය දමන්න. නැතිනම් මේ පුවතේ කිසිම ප්‍රායෝගිකව වටිනාකමක්, උදවුවක් නෑ මහජනතාවට.

:       0       0

Samanwimala Wednesday, 25 March 2020 03:49 PM

ඔය පළාත්වල සමූපකාර නැතිද?

:       0       0

සංජීව Wednesday, 25 March 2020 05:36 PM

මේවා නිකම් තැන් තැන්වල කියවනවා විතරයි. මාධ්‍ය ආයතනවලටත් මීට වඩා වගකීමක් තියෙනවා මේ ගැන සම්පූර්ණ විස්තරයක් පලකිරීමට. නිකම්ම වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වෙනවා කිව්වට වැඩක් තියෙනවද. කවුරුවත් මේ ගැන හරි විස්තරයක් දන්නේ නැහැ. අද සතොසෙන් ඇහුවම කියනවා කොළඹ 1 සිට 15 වෙනකම් විතරයිලු.... ඒ සේවය තියෙන්නෙ. මේ විහිලු දැන්වත් නවත්තන්න. නැත්තම් ජනතාව පාරට බහීවි කන්න බොන්න නැතුව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 38 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site