
(නිමල කොඩිතුවක්කු)
විභාග සඳහා සහභාගී වන දරුවන් සඳහා ප්‍රධාන මාර්ගයන්හි ධාවනය කරන සාමාන්‍ය දුම්රියන්හි සෞඛ්‍යාරක්ෂිත විශේෂිත දුම්රිය මැදිරි කිහිපයක් එක් කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
විශේෂිත මැදිරි සහිත දුම්රියේ ගමන් කරන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන් සහ පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.
මෙයට අමතරව නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ස්ථානයන්හි විභාග සඳහා සහභාගී වන දරුවන් සඳහා දුම්රිය නැවත්වීම සිදුකෙරෙන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
ඇදිරිනීතිය පවතින ප්‍රදේශවල නවත්වන දුම්රිය වෙතට මඟින් නංවාගැනීම සිදු නොකරන අතර විභාග සඳහා සහභාගී වන දරුවන් පමණක් දුම්රියට නංවා ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මළකඩ ටික හූරලා, වැසිකිළි ටික හෝදලා දෙනවද අපිට විභාගයට යන්න..?
ට්‍රේන් එකෙන්ම පාසල ගාවට යන්න පුළුවන් පාසල් කොහේද තියෙන්නේ..? බස් නම් හොඳයි.
බැරිද ඔයින් එකක් හම්බෙගමුවේ ඉඳන් තණමල්විලට දාන්න.. නැත්නම් දොඹගහවෙල ඉඳන් මොණරාගලට දාන්න. සඳුදා උදේ වෙනකොට එහෙ ළමයින්ට විභාගේ ලියන්න. රට හූරං කෑවා කියලා මොරදුන්නට සුද්දා මේ අවුරුදු 70ත් හිටියා නම් ඒකත් වෙන්න පුළුවන්...
කෙටිදුර ධාවනය වන කෝච්චිවල වැසිකිළි නැහැ.