IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


විදේශවල සිරවී සිටි 14 ක් ශ්‍රී ලංකාවට

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , විවිධ රටවල ගුවන් තොටුපළ වල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් 14 දෙනෙක් අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

ඔවුන් අතරින් 09 දෙනෙකු සිංගප්පූරු ගුවන් තොටුපළේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් වූ අතර , ඔවුන් ඊයේ දින රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේම අද දින අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම ගුවන් තොටුපළේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 



අදහස් (8)

විදේශවල සිරවී සිටි 14 ක් ශ්‍රී ලංකාවට

Abdul Sunday, 12 April 2020 06:03 AM

අපිවත් ගන්නෝ... ඉන්නෙ ඔමාන්වල...

:       0       0

Simiyon_AUSMonday, 13 April 2020 02:45 AM

හපොයි… ගෙන්න ගත්තොත් කොහේ හරි හැංගිලා මුළු රටටම ආයෙත් කොරෝන බෝ කරයි. එ්ක නිසා ඉන්න තැනම හිටපල්ලා....

:       0       0

Raveendra Sunday, 12 April 2020 06:32 AM

ලංකා මාතාවගේ දරුවන් වන ඔබ සෑම සාදරයෙන් පිළිගන්නා අතර සෞඛ්‍ය නිලධාරීන්ගේ නියෝගවලට "විනීතව" අවනතවී ඒ රාජකාරිවලට සහයදී තමන්ගේ මෙන්ම අනිකාගේද ආරක්ෂාව වෙනුවෙන් තම පුරවැසි යුතුකම ඉටුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

:       0       11

නුවන් Sunday, 12 April 2020 06:35 AM

බොහොම හොඳයි. පිටරට වල ඉන්න සේරම ආයෙ ලංකාවට ගෙන්නලා කොරෝනා දෙවැනි රැල්ලකුත් ඇති කරන්න රටේ. ඊට් පස්සෙ මෙහෙ ඉන්න අහිංසක එදා වෙල හම්බකරන් කන අහිංසක මිනිස්සුයි දුක් විඳින්න ඕනි....

:       36       7

RamaniSunday, 12 April 2020 06:58 PM

ඔබ පිටරටවල සිටින ශ්‍රී ලාංකිකයන් එවන එක ඩොලර් එකකින්වත් ප්‍රයෝජනයක් ලබාගත් කෙනෙක් නොවෙයි කියා සිතමි....

:       0       24

සුද්දා Sunday, 12 April 2020 11:08 PM

රමණි, ඔය නුවන් හාදයා ඉන්නේ කටුනායක එයාර්පෝට් එකේ කාර් පාක් එක ළඟ. පිටරට ගිහිල්ලා එන අපේ අයගේ සූට් කේස් උස්සලා වාහනවලට දමන්නේ මිනිහා තමයි. ඊට පස්සේ ඒ අයගෙන් "වන් ඩොලර් ප්ලීස් " කියලා හිඟාකනවා.

:       0       0

Dewa Sunday, 12 April 2020 07:24 AM

මේ වගේම අර ඩුබායි හිරවෙලා ඉන්න අයවත් ගෙන්න ගන්න වැඩ පිළිවෙලක් හැදුවොත් හොදයි.

:       0       12

නන්නාදුනන හාදයා Sunday, 12 April 2020 04:41 PM

දියවන්නාවේ තිබෙන අසුචි නිෂ්පාදනාගාරයේ සිටින රටේ මිනිස්සුන්ගේ ලේ බොන නරි රැලේ නෑදෑයන් මේ ප්ලේන්වල ඉන්නවානම් ගුවන් නියමුවන්ට මම ආයාචනය කරනවා..කරුණා කරලා ඒ අයව උඩදීම මුහුදට දමන්න. චුට්ටක්වත් පව් නැහැ.එය ඔබ ඔබටම කරගන්නා ප්‍රභලම කුසල කර්මයකි.

:       8       128

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site