IMG-LOGO

විදේශයෙන් ආ 101 නිරෝධායනය කර සමාජ ගත කරති

(ලලිත් නවරත්න)


විදෙස් රටවල් ගණනාවකින් මෙරටට පැමිණ ඇති  101 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරීමෙන් අනතුරුව ඔවුන් සමාජගත කිරීම සිදුකර ඇතැයි හලාවත සෞඛ්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවැන් විසින් කරන ලද සොයා බැලීමකදී මෑතකදී විදෙස්රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් 178 දෙනෙකු හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසය තුළ සිටින බවට තොරතුරු අනාවරණය වී
ඇත.

ඒ අනුව එම පදිංචිකරුවන් හට නිවෙස්වලදීම නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

මේ සඳහා අවම වශයෙන් දින 14ක කාලයක් ගතවන බව පවසන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් අනතුරුව නිරෝගී බව තහවුරු වීමෙන් අනතුරුව ඔවුන් සමාජගත කරනු ලැබේ.

ඉදිරිදින වලදී සෙසු පිරිස ක‍්‍රමයෙන් සමාජගත කිරීමට සියලූ කටයුතු ආරම්භකර ඇතිබව ඔවුන් වැඩි දුරටත් පවසයි.

ස්වයං නිරෝධායනයට ලක්වූවන් නැවත ඔවුන්ට කොවිඞ් 19 වයිරසයආසාදනය වීමට ඉඩ ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන්ආරක්ෂාකාරීව හා නියම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සිටින ලෙසට හලාවත
සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ඩබ් ඩී එස් අමරසිරි මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය



අදහස් (0)

විදේශයෙන් ආ 101 නිරෝධායනය කර සමාජ ගත කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 407 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 980 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1359 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site