IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


විදේශ අමාත්‍යාංශයේ 26 ක් ස්වයං නිරෝධායනට

( තිළිණි ද සිල්වා )

විදේශ සබදතා අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයකුට එම වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමඟ මේවන විට විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ  නිලධාරීන් 26 දෙනෙකු ‘ස්වයං නිරෝධායනය’ සඳහා යොමුවී ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මෙම නිලධාරීන් අතර ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීන් සහ විදේශ සේවයේ නොවන නිලධාරීන් ද සිටින්නේ යැයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සිය නිවෙස් වලට වී ස්වයං නිරෝධායන කටයුතුවල නිරතවන්නේ යැයිද එම අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

පූර්ව ආරක්ෂිත පියවරක් වශයෙන් ‘ස්වයං නිරෝධායනය’ සඳහා යොමුවී ඇත්තේ මෙම නිලධාරිනිය සේවයට වාර්තා කළ එක් දිනක් තුළ මුණ ගැසුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් යැයිද සඳහන් වේ.

මෙම අමාත්‍යාංශ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයකු කොරෝනා වෛරසය (COVID -19) ආසාදිතයකු වශයෙන් ඉකුත් 13 වැනිදා හඳුනාගැනීමෙන් පසුව සහ වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම වළක්වා ගැනීම සහ අවම කිරීම සඳහා අමාත්‍යාංශය මෙම ආරක්ෂිත පියවර මාලාව ගත් බවද හෙතෙම කියා සිටී.

 



අදහස් (0)

විදේශ අමාත්‍යාංශයේ 26 ක් ස්වයං නිරෝධායනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 19 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 864 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site