(ජේ.කේ.එල් චාමින්ද)
ඇදිරි නීතිය ලිහිල් කිරිමෙන් පසු රජය මගින් ලබාදුන් සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව වැඩිපුර මගින් බස්රථවල පටවාගෙන යාම සම්බන්දයෙන් පුද්ගලික බස්රථ තුනක බස්රථ රියදුරන් හා කොන්දොස්තර්වරුන් අද (20) ගාල්ල නගරයේ දි අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසිය පවසයි.
සෞඛ්‍ය අංශ මගින් ලබාදුන් උපදෙස් අනුව දුරස්ථභාවය ආරක්ෂාකරමින් මගින් රැගෙන බස්රථ ධාවනය වන්නේද යන්න පිළිබද ගාල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අද උදැසන සිට පරික්ෂා කරණු ලැබිය.එම පරික්ෂාවේ දි ගාල්ල හික්කඩුව ගාල්ල අම්බලන්ගොඩ යන මාර්ගවල සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව මගින් නංවාගෙන ධාවනය වෙමින් තිබු පුද්ගලික බස්රථ 03 බස්රථ රියදුරන් හා කොන්දොස්තර්වරු අත්අඩංගුවට ගත්බැව් පොලිසිය පවසයි. මෙහිදි පොලිස් නිලධාරින් විසින් මගින්ට කිසිදුකරදරයක් නොමැතිව ගාල්ල බස්නැවතුම්පොළට මගින් ගෙනවිත් දුරස්ථභාවය තබාගෙන වෙනත් බස්රථවල ගමන්කරන ලෙස උපදෙස් ලබාදෙනු ලැබිය.
අත්අඩංගුවට ගත්බස්රථ රියදුරන්ට හා කොන්දොස්තර්වරුන්ට එරෙහින නිරෝධායන පනත යටතේ නිතිමය කටයුතු කරණ බව ගාල්ල පොලිසියේ රථවාහන අංශය පවසයි. ධාවනය වන බස්රථ වලින් සියයට 98ක් පමණ සෞඛ්‍ය උපදෙස් අනුව දුරස්ථභාවය තබාගෙන මගින් බස්රථවලට නංවාගෙන ධාවනය වු බව පොලිසිය පවසයි.
ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උ පො ප ජගත් මහතා ඇතුළු නිලධාරින් විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කළ වැද්දා එළියට පනියිද කියලා බලාගෙන ඉන්න.
අතීසාරෙට අමුඩ ගැසීම නම් වූ කියමන යථාර්ථයක් බවට පත් වූ අවස්ථාවක්
ප‍්‍රායෝගික නැහැ. බස්වල ඩීසල් අහන්නවත් සල්ලි හොයාගන්න බැහැ... දුර ගමන් නැතිව දිස්ත‍්‍රික් වලට විතරක් සීමා වූ බස්යෙදෙව්වා නම් හරි....
ඉතින් එකට ආණ්ඩුවෙන් වැඩි පුර බස් දැම්මානම් ඉවරණේ සැපට යන්න
ආණ්ඩුව උපදෙස් දුන්නේ මීටරේ පරතරය තියාගෙන යන්ඩ කියලා. මේ මෝඩයෝ ඒකවත් ඇහුවද?