(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර මුද්දූව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මැණික් වෙළඳ ව්‍යාපාරිකයකුට නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරුව ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.
එම රෝගියා කොළඹ අයිඩීඑච් රෝහල වෙත යොමු කිරීමට රත්නපුර මහ රෝහල මගින් කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
මෙම වෛරස ආසාදිත පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයා සමඟ ගනුදෙනු කළ අයෙකු බව සෞඛ්‍ය අංශ කළ සොයා බැලීමේදී අනාවරණය වී තිබේ.
කොරෝනා වෛරසයෙන් ආරක්‍ක්‍ෂා වීමට මහජනයා විශාල වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳීසිටීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ පවසයි. එසේම යම් අයෙකුට කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක සහිත නම් එම පුද්ගලයන් වහාම රජයේ රෝහල කරා යොමු වී වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ පවසයි.
රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා වෛරස ආසාදිත යැයි තහවුරු වී නොමැති සැක සහිත රෝගීන් 14 ක් අතරින් රෝගීන් 7කට වැඩි ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බව රෝගීන්ගේ සාම්පල පරීක්‍ෂණ වාර්තා අනුව තහවුරු වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 17
19
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
864
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රුවන්පුරේ මැණික් ව්‍යාපාරකයකුටත් කොරෝනා
terry Tuesday, 17 March 2020 01:30 PM
අපේ පුංචි දුප්පත් රටට මේවගේ වසංගත තත්වයක් ඇතිකිරීමට හේතුවූ සියල්ලන්ට රටේ නීතිය මගින් දඬුවම් ලබාදී, ඊට වැයවන අසරණ මිනිසුන්ගේ මහජන මුදල් වැරදිකරුවන්ගෙන් අයකරගෙන, මෙම ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදනය කල කිසිඳු වගකීමකින් තොරව හිතාමතාම කටයුතු කල ව්‍යාපාරිකයා වැනි අනෙකුත් අයටත් ආදර්ශයක් වෙන්නට ඔවුන්ට උපරිම දඬුවම් ලබාදෙනමෙන් ඉල්ලමි. මෙවැනි කාර්යයකට දේශපාලන මැදිහත්වීමක් අනවශ්‍ය බවද මතක් කරනු කැමැත්තෙමි.