IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


රාමසාන් වෙනුවෙන් ඊජිප්තුව රාත්‍රී ඇඳිරි නීතිය පැයකින් කෙටි කරයි

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඊජිප්තුවේ මේ වනවිට පනවා ඇති රාත්‍රී ඇඳිරි නීති කාලය මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ රාමසාන් මාසය සඳහා පැයකින් කෙටි කිරීමට පියවර ගෙන ඇත.

අගමැති මොස්ටාෆා මැට්බුලි මේ බව නිවේදනය කල අතර ඒ අනුව මින්පෙර රාත්‍රී 8.00ට ආරම්භ වූ ඇඳිරි නීතිය හෙට (24) වනදා සිට රාත්‍රී 9.00ට ආරම්භ වේ.

කෙසේවුවද රාමසාන් සමයේ සිදුකරන පොදු ක්‍රියාකාරකම් හා බොහෝ පිරිසක් එක්රැස් වී සිදුකරන යාඥා මෙහෙයන් තවදුරටත් තහනම් කර තිබේ.

පවුලේ සාමාජිකයන් පමණක් එක්වී ආගමික වතාවත් සිදුකරන ලෙසට උපදෙස් දී තිබේ.

අගමැතිවරයා පවසා සිටියේ ආහාර බෙදාහැරීම් වැනි සමහර කටයුතු සඳහා ආපනශාලා විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වුවද ආසාදන වාර්තා වීම වැඩි වන්නේ නම් නැවතත් වාරණ ක්‍රියාත්මක කෙරෙනු ඇති බවද ඔහු පැවසීය.

මාර්තු මාසයේ සිට ඊජිප්තුවේ ගුවන්තොටුපල සහ ආපනශාලා වසා දමා ඇත.

ඊජිප්තුවේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 3 659ක් වාර්තා වී ඇති අතර මරණ 276ක් සිදුවී තිබේ.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

රාමසාන් වෙනුවෙන් ඊජිප්තුව රාත්‍රී ඇඳිරි නීතිය පැයකින් කෙටි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 464 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 312 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 472 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site