IMG-LOGO

රත්නපුර නගරය අධි අවදානම්

 

(ලසන්ත නිරෝෂණ පෙරේරා)

රත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇති  නිසා රත්නපුර නගරයේ පාසල් තුනක්  තාවකාලිකව වසා දැමිමට  තීරණය කර තිබේ. හෙට සිකුරාදා දිනයේ නගරයේ සියලුම මුස්ලිම් පල්ලි වසා දැමමටද  තීරණය විය.

අද (17) පස්වරුවේ හදිසියේ රැස් වූ කොරෝනා වෛරස් මර්ධන රත්නපුර දිස්ත්‍රික් කාර්යය සාධන බලකා කමිටුවේදී මෙම තීරණ ගැන සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා දැනුම් දුන්නේය.

රත්නපුර කුඩුගල්වත්ත ප්‍රදේශයේ අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන ලද 20 දෙනෙකුගෙන් 07 කුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සදහන් කළ ආණ්ඩුකාරවරයා පැවසූයේ මෙහි ඇති අවදානම මොවුන් සියලු දෙනා අහඹු ලෙස තෝරා ගත් අයවළුන් වීම බවය.

හෙට (18) සිකුරාදා දිනයේ රත්නපුර නගර සීමාවේ සියලු මුස්ලිම් පල්ලි වසා දැමීමට කමිටුව විසින් තීරණය කරන  ලද අතර රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු මුස්ලිම් පල්ලිවල ආගමික වතාවත් බැතිමතුන්ගෙන් තොරව සිදු කරන ලෙස කමිටුව ඉල්ලා සිටී.

රත්නපුර සෙලාන් බැංකු හංදියේ සිට ඩිපෝ හංදිය දක්වා සියලු කඩ සාප්පු වසා දැමීමට තීරණය කරන ලද අතර ජනතාවගේත්, වෙළඳ ප්‍රජාවගෙත් ආරක්ෂාව සදහා එම කඩ සාප්පු වසා තබන ලෙස  සියලු වෙළඳ ප්‍රජාවගෙන් කමිටුව ඉල්ලා සිටී.

පවතින අවදානම් තත්වය හමුවේ රත්නපුර නගරයේ පාසල් 03ක් මෙම මස 18 වෙනිදා සිට 23 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කරන ලදී. රත්නපුර සීවලි මහ විද්‍යාලය, ගොඩිගමුව ධර්මරාජ විද්‍යාලය සහ රත්නපුර අල්මකියා විද්‍යාලය එම පාසල් ත්‍රිත්වයයි.

සියලූ මැණික් ව්‍යාපාරිකයන් අඹ ගහයට, ඔරලෝසු කණුව, දෙමුවාවත යන ප්‍රදේශ තම ව්‍යාපාර සදහා භාවිතා නොකරන ලෙස කමිටුව දැනුම් දෙන අතර ඒ සදහා රත්නපුර සීවලී ක්‍රීඩාංගණය භාවිතා කරන ලෙස දැනුම් දෙනු ලැබේ.

රත්නපුර නගරය ආශ්‍රිතව පදික වෙළඳාම ද පවතින තත්වය හමුවේ තහනම් කෙරේ. රත්නපුර ගොඩිගමුව ප්‍රදේශයට තවදුරටත් සංචරණ සීමා බල පැවැත්වේ.

රත්නපුර මේ වන විට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 572 කි.

පවතින අවදානම් තත්වය පහව යන තෙක් රත්නපුර නගරය ආශ්‍රිතව සංචරණ සීමා කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් රත්නපුර ජනතාවගෙන් ඉල්ලා සිටී. 



අදහස් (3)

රත්නපුර නගරය අධි අවදානම්

Faizal Friday, 18 December 2020 04:38 AM

බොරු කියන්න එපා. කොරෝනා කියලා ආගම අදහන්න, පල්ලි යන්න බිස්නස් කරන්න... තියෙන නිදහස නැති කරන්න දෙන්න බැහැ.

:       29       2

jayasekaraFriday, 18 December 2020 07:23 AM

එහෙනම් කොරෝනා හදාගෙන මැරිලා පෝරණු ඇතුලේ පිච්චෙයි. මෙ වගේ මෝඩ ජාතියක්...

:       0       12

කමල් Saturday, 19 December 2020 07:34 AM

පරිස්සමෙන්... !!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 260 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site