IMG-LOGO

රත්තොට 4800 කට සහන සලසා අවසන්

(මහේෂ් කිර්තිරත්න)

රත්තොට ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාසයේ සමෘද්ධි සහන  ණය ලබාදීමේ ප්‍රගතියක්  ඇති බවත්  ප්‍රතිලාභීන් 4800 කට පමණ ණය නිකුත් කර ඇති බවත්  රත්තොට කොරෝනා මර්දන ප්‍රාදේශීය කමිටුවේදී අනාවරණය විය.

අද (03) පෙරවරුවේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී කමිටු රැස්වීම පැවැත්විණි.

රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම සඳහා රත්තොට ප්‍රදේශයේ ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ.

දැනට කොරෝනා මර්දනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි පුළුල් ලෙස සාකච්ඡා විය.

අඩු ආදායම්ලාභීන්ට ගෙවීමට නියමිත රුපියල් 5000 ක දීමනාව පිළිබඳව මෙහිදි සාකච්ඡා වූ අතර ඒ අනුව අදාල දීමනාව ගෙවීමට නිර්දේශ ලබා ගැනීමට සෑම ග්‍රාම නිලධාරී වසමකම නිලධාරීන් සහ පළාත් පාලන යෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.

අදාල කමිටුව මගින් මේ මස 6 වැනි දා දක්වා අදාලා තොරතුරු පිළිබඳව නිර්දේශ ලබාදීම සිදුකරයි.

වසම් මට්ටමින් තොරතුරු ලබා ගැනීමට සහ සහ වසම්වල පවුල් වෙත තොරතුරු ලබාදීම සඳහා කොරෝනා සම්බන්ධීකරණ කමිටුව ඊයේ සිට තවත් පුළුල් කර තිබේ.

ඒ අනුව කාර්යාල මට්ටමින් තොරතුරු ලබා ගැනීමට සම්බන්ධීකරණ නිලධාරීන් 11 දෙනෙකු පත්කර ඇත.වැඩබලන සංවර්ධන නිලධාරීන් සිටින වසම් සඳහා කාර්යාලයේ සංවර්ධන නිලධාරීන් 11 දෙනෙකු අනියුක්ත කර ඇත.

මෙම කමිටු රැස්විම සඳහා ප්‍රාදේශීය සභා සභාපති කුමාරසේන තෙන්නකොන් මහතා ඇතුලු රාජ්‍ය ආයතන නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

රත්තොට 4800 කට සහන සලසා අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site